දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම එක් කඩුල්ලක් පමණක් ඇතැතිව ලකුණු 229යි

වෝර්න් – මුරලි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා සිටිනවා.

අද (06) පෙරවරුවේ ගාල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට එක් වන දිමුත් කරුණාරත්න සමගින් පැතුම් නිස්සංක යි.

දිමුත් කරුණාරත්න සහ පැතුම් අතර සාර්ථක සබඳතාවක් යම් තාක් දුරකට ගොඩනැගෙමින් තිබියදී පැතුම් නිස්සංක නෙතන් ලියෝන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු 11කට දැවී ගියා.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට දිනේෂ් චන්දිමාල් සමග එක් වූ දිමුත් කරුණාරත්න ලකුණු 70ක සබඳතාවක් ගොඩ නැගුවා.

නමුත් දිමුත්ගේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ආසන්න ලකුණු සංඛ්‍යාවක සිටියදී දිමුත් ලකුණු 36කට දවා ගන්නට ලියෝන් සමත් වුණා.

කෙසේවෙතත් තම පිතිකරණය දුර්වල නොකර ගත් දිනේෂ් චන්දිමාල් බිඳ වැටෙමින් මන්දගාමී ලකුණු පුවරුවක සිටි ශ්‍රී ලංකා පළමු ඉනිමට සිය පිත්තෙන් ලකුණු 74ක් එක් කළා.

කුහ්නමන් යොමු කළ පන්දුවක දී ස්ටම්ප් කිරීමකට ලක් වීමෙන් චන්දි දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක වීමට ඉඩ ලද ක්‍රීඩකයින් දෙදෙනා වූයේ කුසල් මෙන්ඩිස් සහ රමේෂ් මෙන්ඩිස් පමණයි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටිනවා.

පළමු තරගයේ දී හේතුවක් නැතිව ම සංචිතයෙන් පිටත සිටි රමේෂ් මෙන්ඩිස් මෙම තරගයට කැඳවා තිබූ අතර ඔහුගේ පිත්තෙන් සියුම් ලකුණු 28ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කිරීමට එක් වුණා.

රමේෂ් දැවී ගියේ මිචෙල් ස්ටාක් යොමු කළ පන්දුවක් හමුවේයි.

ඇන්ජිලෝ මැතිව්ස් එක් ලකුණකටත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 13කට මෙන් ම නායක ධනංජය ද සිල්වා කිසිදු ලකුණක් නොලබා ම පිටියෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණිය සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් සහ නෙතන් ලියෝන් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

මැතිව් කුහ්නමන් කඩුලු 02ක් සහ හෙඩ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

හෙට (07) තරගයේ දෙවැනි දිනයයි.

මේ වනවිටත් 2025 වසරේ වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පෙරමුණ ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59