දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද? දැනුවත් වන්න

කොවිඩ් -19 වැළඳෙන බොහෝ දෙනා දැඩි ලෙස රෝගාතුර නොවන අතර සාපේක්ෂව ඉක්මණින් සුවය ලබති. නමුත් රෝගයෙන් සුවය ලැබීමෙන් පසුවත් සැලකිය යුතු පිරිසකට දිගු කාලීන ගැටලු ඇති වී තිබේ. සමහර පුද්ගලයන් මුල් කාලයේ දී එතරම් රෝග ලක්ෂණ නොපෙන්වුවත් දිගු කාලීන ගැටලුවලට මුහුණ දී තිබේ. මේ අතර, තවමත් සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අයට දිගු කාලීන ගැටලු අසමාන ලෙස බලපානු ඇතැයි යන බියක් ද පවතී.

‘දිගු කාලීන කොවිඩ්’ (Long Covid) රෝග ලක්‍ෂණ මොනවාද?

එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ අනුව දිගු කාලීන කොවිඩ් යනු වෛරසය ආසාදනය වී සති 12 කටත් වැඩි කාලයක් පවතින දරුණු හෝ මෘදු, වෙනත් හේතුවක් නිසා පැහැදිලි කළ නොහැකි රෝග ලක්‍ෂණ වේ.

රෝග ලක්ෂණ වලට ඇතුළත් වන්නේ-:

01.අධික තෙහෙට්ටුව

02.හුස්ම හිරවීම,

03.වේගවත් හෘද ස්පන්දනය,පපුවේ වේදනාව හෝ තද වීම

04.මතකය සහ අවධානය සම්බන්ධ ගැටලු ර

05.සය හා සුවඳ වෙනස් වීම

06.හන්දිපත් රුදාව

21 6121c

සමීක්ෂණ මඟින් තවත් සිය ගණනක් ලක්ෂණ හඳුනාගෙන ඇත. මෙතෙක් සිදු කළ විශාලතම අධ්‍යයනය විය හැකි, ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (යූසීඑල්) විසින් දියත් කරන ලද සමීක්ෂණය මගින්, වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට වඩා, දිගු කාලීන කොවිඩ් ඇති පුද්ගලයින්ගේ අවයව පද්ධති 10 කට බලපාන රෝග ලක්‍ෂණ 200ක් හඳුනාගෙන ඇත. භ්‍රාන්තිය, නින්ද නොයාම, ඇසීම සහ පෙනීමේ වෙනස් වීම්, කෙටි කාලීන මතකය නැති වීම සහ කථන හා භාෂා ගැටලු එම ලක්ෂණවලට ඇතුළත් වේ. තවත් සමහරුන්ගේ ආමාශ-ආන්ත්‍රයික හා මුත්‍රාශයේ ගැටලු, ඔසප් වීමේ වෙනස්වීම් සහ සමේ තත්ත්වයන් වාර්තා වී ඇත. මෙම සමහර රෝග ලක්‍ෂණ කෙතරම් දරුණු ද යත්, බොහෝ දෙනෙකුට ස්නානය, සාප්පු යාම සහ වචන මතක තබා ගැනීම වැනි කාර්ය කිරීමට ද නොහැකි වී ඇත.

දිගු කාලීන කොවිඩ් ඇතිවීමට හේතුව කුමක්ද?

අපි තවමත් නිශ්චිතව නොදනිමු. එක් හේතුවක් නම් ආසාදනය සමහර පුද්ගලයින් තුළ අධික ලෙස ව්‍යාප්ත වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට පමණක් නොව තමන්ගේම පටකවලට ද බලපෑම් එල්ල කිරීමය. ඉතා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති පුද්ගලයින් තුළ එය සිදු විය හැකිය. වෛරසය අපේ සෛලවලට ඇතුළු වී සිදුකරන හානි හේතුවෙන් අමතක වීම් සහ සුවඳ හා රස නැති වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවන බව පැහැදිලි කළ හැකිය.

එමෙන්ම, විශේෂයෙන් රුධිර වාහිනීවලට හානි වීමෙන් හෘදය, පෙනහළු හා මොළයේ ගැටලු ඇති විය හැකිය. තවත් සිද්ධාන්තයක් නම් වෛරසයේ කොටස් ශරීරය තුළ පැවතිය හැකි අතර සමහර විට ඒවා ක්‍රියා විරහිත වී නැවත සක්‍රිය විය හැකි බවය. විසප්පු සහ ග්‍රන්ථි උණ ඇති කරන Epstein Barr (එප්ස්ටයින් බාර්) වෛරසය වැනි වෙනත් වෛරස්වල මෙවන් තත්වයක් දැකගත හැකිය . කෙසේ වෙතත්, මේ මොහොතේ කොවිඩ් වෛරසයට ද මෙලෙස සිදුවන බවට එතරම් සාක්ෂි නොමැත. මෙවැනි පුළුල් පරාසයක ගැටලු ඇති කිරීමට විවිධ පුද්ගලයින් තුළ විවිධ දේ සිදුවෙමින් පවතින බව කිව හැකිය.

දිගු කාලීන කොවිඩ් ඇත්තේ කාහට ද සහ එය කෙතරම් සුලභ ද?

වෛද්‍යවරුන් දිගු කාලීන කොවිඩ් නිල රෝග විනිශ්චයක් ලෙස සටහන් කර ගැනීම ආරම්භ කළා පමණක් නිසා මේ මොහොතේ මෙය තහවුරු කර ගැනීම ඇත්තෙන්ම අපහසු කාර්යයකි. කෙසේ වෙතත්, සැලකිය යුතු පර්යේෂණ ගණනාවක් යෝජනා කරන්නේ පුද්ගලයෙකුගේ වයස සමඟ මෙම තත්වය වැඩි වැඩියෙන් ඇති විය හැකි අතර එය කාන්තාවන් අතර දෙගුණයක් සුලභව දැකිය හැකි බවය.

සමහර දිගු කාලීන කොවිඩ් රෝග ලක්‍ෂණ වඩාත් රෝගී වූ හෝ රෝහල් ගත වූ අය තුළ බහුලව දක්නට ලැබේ. ලන්ඩන්හි කිංග්ස් කොලේජ් සිදුකරන ලද අධ්‍යයන කීපයක් සහ සෞඛ්‍ය වාර්තා දත්ත විශ්ලේෂණයන් අනුව, වෛරසය වැළඳුණ වයස අවුරුදු 60 ගණන් වල පුද්ගලයන් තුළ දිගු කාලීන කොවිඩ් ඇති වීම 5% කි. ඊට සාපේක්ෂව අවුරුදු 20 ගණන්වල පුද්ගලයින්ගෙන් 1-2% කට පමණ දිගු කාලීන කොවිඩ් වැළඳිය හැකිය. “නමුත් දිනකට රෝගීන් 100,000 න් 1-2% ක්ම විශාල සංඛ්‍යාවක්,” යැයි මෙම අධ්‍යයනයේ එක් පරීක්ෂකයෙකු වන ආචාර්ය ක්ලෙයාර් ස්ටීව්ස් පැවසීය.

දිගු කාලීන කොවිඩ් රෝගීන් අධ්‍යනය කරන එක්සෙටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ඩේවිඩ් ස්ට්‍රේන් පැවසුවේ තම සායනයට යොමු කෙරෙන බොහෝ පුද්ගලයින් වයස අවුරුදු 20, 30 සහ 40 ගණන්වල පසුවන අය බවය. එයට හේතුව විය හැක්කේ මෙම රෝග ලක්‍ෂණ, තරුණයන් තුළ තරමක් අඩු වුවද, ඔවුන්ට එයින් වැඩි බලපෑමක් ඇති කරන බැවිනි. වැඩිහිටි පුද්ගලයන්ට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා දීමට වැඩි ඉඩක් ඇති හෙයින් ද මෙය වෙනස් විය හැකිය.

“අපිට බැලූ බැල්මට මෘදු ආසාදන විශාල රැල්ලකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම මෙහිදී හත් දෙනෙකුගෙන් එක් අයෙකුට දිගු කාලීන කොවිඩ් වැළදී තිබිය හැකි අතර එය තරුණයින් අතර දකින්න ලැබෙයි,” ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පරීක්ෂණ වාර්තාවේ ජ්‍යෙෂ්ඨ කතෘ ආචාර්ය ඇතීනා අක්‍රාමි පැවසුවාය.

21 6123764fc2a73

දරුවන් ගැන කුමක් කිව හැකිද?

දරුවන්ට වැඩිහිටියන්ට වඩා කොවිඩ් වැළඳීමේ හැකියාව අඩු බැවින්, දිගු කාලීන කොවිඩ් වැළඳීමේ හැකියාව අවම බවට නිර්වචනය කළ හැකිය. නමුත් සමහර දරුවන් තුළ ද දිගු කාලීන කොවිඩ් ලක්ෂණ දැකගත හැකිය. ලන්ඩන්හි කිංග්ස් කොලේජ් හි අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දරුවන් බොහෝ දෙනෙකුට මෙම රෝග ලක්ෂණ කෙටි කාලීන බවය. නමුත් ළමුන්ගෙන් කොටසකට දිගුකාලීන රෝග ලක්ෂණ තිබුණත්, 98% ක් සති අටක් තුළදී සුවය ලබා ඇත. එවන් රෝග ලක්ෂණ ඇත්නම් සිය වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත්ය.

මට දිගු කාලීන කොවිඩ් ඇති බව දැනගන්නේ කෙසේද?

දැනට පරීක්‍ෂණයක් නොමැති අතර, ඒ වෙනුවට එය දැනට “බැහැරකිරීමේ රෝග විනිශ්චය” කිරීමක් ලෙස පවතින බව වෛද්‍ය ඩේවිඩ් ස්ට්‍රේන් පැහැදිලි කළේය. මෙහිදී පළමුව රෝග ලක්ෂණවලට හේතු වන වෙනත් කාරණා බැහැර කර වෛද්‍යවරුන් රෝග විනිශ්චයකට එළැඹෙනු ඇත.

රෝග විනිශ්චය ලබා දීමට පෙර දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සහ යකඩ ඌනතාව වැනි වෙනත් ගැටලු සඳහා පරීක්ෂණ සිදු කර තහවුරු කර ගැනීමට වෛද්‍යවරු වග බලාගනිති. පර්යේෂකයන්ට අනුව, දිගු කාලීන කොවිඩ් සඳහා රුධිර පරීක්‍ෂණයක් අනාගතයේදී සිදු කළ හැකිය. අවයවලට ඇතිවන හානිය හඳුනා ගැනීම සඳහා වඩාත් සංකීර්ණ මෙවලම් දැනටමත් පරීක්ෂණ මට්ටමේ භාවිත කෙරේ. නමුත් සාමාන්‍ය වෛද්‍ය හමුවීමකදී ඔබට මේවා ලබා ගත නොහැක.

එන්නතෙන් සහනයක් ලැබේද?

දිගු කාලීන කොවිඩ් රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් අඩකට පමණ, එන්නත ලබා ගැනීමෙන් පසු රෝග ලක්‍ෂණවල අවම වීමක් වාර්තා කර තිබේ. සමහර විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය එන්නතෙන් යථා තත්ත්වයට පත් වීමෙන් හෝ වෛරසයේ ඉතිරි වූ කොටස්වලට පහර දීමට ශරීරයට උදව් ලැබීමෙන් එසේ විය හැකි බව විශේෂඥයෝ පවසති. එන්නත ලබා දීමෙන් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වෙන අතර දිගු කාලීන කොවිඩ් ඇතිවීම වැළැක්වීම ද සිදු කළ හැකිය.

ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද?

මේ වන විට එංගලන්තයේ විශේෂඥ දිගු කාලීන කොවිඩ් මධ්‍යස්ථාන 89 ක් පිහිටුවා තිබේ. ඉදිරියේ දී එය එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වනු ඇත. දැනට තහවුරු කර ඇති ඖෂධ ප්‍රතිකාර නොමැති අතර ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ රෝග ලක්‍ෂණ කළමනාකරණය කර ගැනීම සහ ක්‍රමයෙන් ප්‍රතිකාර වැඩි කර ගැනීම කෙරෙහි ය. ඖෂධ ප්‍රතිකාර සඳහා විධිමත් සායනික පරීක්‍ෂණයක් ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

21 6123765006039

වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට COVID-19 ආසාදනය වූ බොහෝ පුද්ගලයන්ට ඇතිවිය හැක්කේ සුළු රෝග ලක්ෂණ පමණි.

සාමාන්‍යයෙන් වාර්තා වන රෝග ලක්ෂණ -:

01.උණ

02.ශ්වසන රෝග ලක්ෂණ – කැස්ස/ උගුරේ අමාරුව/ මඳ හුස්ම ගැනීමේ අපහසුව 

COVID-19 ආසාදනය වීමෙන් ඇතිවන සුළු රෝග ලක්ෂණ වලට අමතරව ඇති විය හැකි අනෙකුත් රෝග ලක්ෂණ-:

සොටු දියර ගැලීම සහ වමනය

• හිසරදය, ගඳ සුවඳ නොදැනීම

• මාංශ පේශී හෝ සන්ධි වේදනාව සහ රස නොදැනීම

• ඔක්කාරය, ආහාර අරුචිය

• පාචනය, තෙහෙට්ටුව 

පහත රෝග ලක්ෂණ ඇත්නම් ඔබගේ රෝගී තත්ත්වය අවදානම් මට්ටමකට පැමිණ තිබිය හැක:-:

එසේ නම් ඔබ රෝහලකදී පරීක්ෂාවකට ලක් කළ යුතුය.

• විවේකීව හෝ සුළු ක්‍රියාකාරකමකදී හුස්ම ගැනීමේ අපහසුව

• දින 3 කට වඩා පවතින උණ

• තොල් හෝ මුහුණ නිල් පැහැවීම

• පපුවේ වේදනාව හෝ බර ගතිය

• අත් පා සුදු මැලි වීම

• කල්පනාව අඩු වීම හෝ ක්ලාන්ත ගතිය

• නොනවතින වමනය හෝ පාචනය

• මුත්‍රා පිටවීම අඩු බව 

(BBC)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53