දෑත් කපා රැගෙන ගිය සැකකරු භාරවෙයි

මොරටුව – දෙල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු නීතීඥවරයෙකු අතින් අල්ලාගෙන අල්ලා ගෙන අධිකරණයට භාර කිරීම සඳහා රැගෙන ගිය බව මොරටුව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පසුගිය 21 වනදා රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි විදුලි කාර්මික අංශයේ රැකියා කරන පුද්ගලයෙකුටයි.

කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකු පසුපස හඹා යමින් කඩුවෙන් පහර දීම හේතුවෙන් මැණික් කටුව අසලින් අත් දෙක වෙන් වී තිබුණා.

වෙන් වූ අතේ කොටස් ඇඳ සිටි කමිසයේ දමාගෙන සැකකරු පළා ගොස් තිබූ බවටයි අනාවරණ වුයේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

අද පෙරවරුවේ සැකකරු සිය වාහනයෙන් රැගෙන ආ නීතිඥවරයා සැකකරුගේ අතින් අල්ලාගෙන අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16