දැවැන්ත කිඹුලෙකු වනජීවී භාරයට (ඡායාරූප)

මාතර පිලදූව ප්‍රදේශයේ සිටියදී අඩි 15ක් පමණ දිගකින් යුත් දැවැන්ත ගැට කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වන ජීවී නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

නිල්වලා ගඟේ සිට පිලදූව ඇල ඔස්සේ ඊයේ (02) රාත්‍රී 11ට පමණ පැමිණි කිඹුලාට ආපසු නිල්වලා ගඟට යාමට නොහැකි වන පරිදි කොටු කර ගැනීමෙනුයි ප්‍රදේශවාසීන් විසින් මෙම සත්වයා අල්ලා ගෙන ඇත්තේ.

පැය 06ක පමණ කාලයක් කිඹුලා අල්ලා ගැනීමට ගතවී ඇති අතර අල්ලා ගත් කිඹුලා මිරිස්ස වනජීවී කාර්යාල නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

කිලෝ දහසකට වැඩි බරකින් යුත් මෙම කිඹුලාගේ අත් පා අඩි තුනක පමණ දිගකින් යුතුව වැඩී තිබු බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ.

විශේෂයෙන්ම ගැට කිඹුලන් නිල්වලා ගඟට ආවේණික සතෙකු වන නිසා වෙනත් ප්‍රදේශයකින් එම ගඟටම මුදා හරින බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

එම සත්වයා මුදා හැර ඇත්තේ ආරක්ෂිත කලාපයක් වන බණ්ඩත්තර දියගහ මාර්ගයේ විදුලි බලාගාරය අසල ඇති නිල්වලා ගඟේ අතු ගංගාවක් වෙතට බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම ස්ථානයට කිඹුලා නොදමන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියත් වනජීවී නිලධාරීන් කිඹුලා එම ස්ථානයට මුදා හැර ඇති අතර කිඹුලා ගඟට ගොස් මේ වන විට එහි ගොඩබිම සැරිසරමින් සිටින බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57