දැල්තර බිය වැද්දූ දැවැන්ත කිඹුලා අල්ලයි (ඡායාරූප)

පිළියන්දල – දැල්තර ප්‍රදේශයේ දැල්තර ඇලේ සැරිසැරු කිඹුලා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ එම ප්‍රදේශයේ සිටි ගවයින් සහ සුනඛයින් රැසක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී කිඹුලා විසින් එම සතුන් ගොඳුරුකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකින් පසු එම නිලධාරීන් පැමිණ ඇල මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

අඩි 13ක පමණ දිගකින් යුත් මෙම කිඹුලා පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සෞඛ්‍ය අංශයේ සහ අත්තිඩිය වනජීවී රෝහලේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් රැගෙනයාමටයි කටයුතු කර ඇත්තේ.