දැරියන් 6කගේ ඇදුම් ගලවා මහ පාරේ ඇවිද්දවයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි කුඩා දැරියන් සය දෙනකු නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානයක සිටින පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ වර්ෂාව ප්‍රාර්ථනා කිරීමේ පූජාවක අංගයක් වශයෙනි. මේ වන විට මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ දැඩි නියඟයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධව නිකුත් කර ඇති වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර ඒවායේ දැක්වෙන්නේ ගෙම්බකු ගැට ගසන ලද රිටි උරහිසේ රඳවාගෙන එම දැරියන් නිරුවතින් එහා මෙහා ඇවිදින අන්දමයි.

එම දැරියන් අයත් බුන්දෙල්කාන්ද්හි වැසියන්ගේ විශ්වාසය වන්නේ අදාළ යාතු කර්ම මගින් වර්ෂාවට අධිපති දෙවියන් සතුටු කිරීමෙන් වැසි ලැබෙන බවය.

ඉන්දියාවේ ළමා අයිතීන් සුරැකීමේ කමිටුව අදාළ සිද්ධිය සම්බන්ධව දමෝවා දිස්ත්‍රික් බලධාරින් වෙතින් කරුණු විමසා තිබේ.

මධ්‍ය ප්‍රදේශ් පොලිසිය ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති නමුත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. මෙම දැරියන් සය දෙනාම අවුරුදු පහට අඩු අය වෙති.

ඔවුන් බලෙන් නිරුවත් කර ප්‍රදර්ශනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ඩී. ආර්. තෙනිවාර් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු බහුතරයක් සිදුවන්නේ මෝසම් වර්ෂාව මගිනි. මේ නිසා එම ප්‍රදේශ බොහෝමයකම වර්ෂාව පතා විවිධ සාම්ප්‍රදායික ශාන්තිකර්ම ක්‍රියාත්මක වේ. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා ගිනි දෙවියන් පිදීම, ගෙම්බන් හෝ බූරුවන් සමග විවාහ වීම, ගීතිකා ගායනා කිරීමේ සිරිත් මුල්බැසගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09