දැරියක් කෙලෙසූ කපුවෙකුට වසර 20ක සිර දඬුවම්

බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කපුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විත්තිකාර කපුවා තම නිවසේ අදාල දේවාලය පවත්වාගෙන ගොස් ඇති අතර අතවරයට පත් දැරිය මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු හෙයින් ඊට ප්‍රතිකර්මයක් ලබා ගැනීමේ අරමුණින් ඇයගේ භාරකරුවන් සමඟ අදාල දේවාලයට පැමිණ ඇති බව නඩු විභාගයේදී සඳහන් වුණා.

පසුව අදාල දැරිය දීර්ඝ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබුණද රෝගී තත්ත්වය සුව නොවීම හේතුවෙන් දේවාලය ආශ්‍රිත නිවසක නවාතැන් ගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත යුතු බව විත්තිකාර කපු මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, දේවාලය ආසන්නයේ නිවසක නවාතැන් ගනිමින් අදාළ දැරිය පුද පූජා කටයුතුවල සහභාගි වී ඇති බවත් ඒ අතරතුර ඇය විත්තිකරු විසින් දූෂණය කර ඇති බවත් නඩුව විභාගයේදී අනාවරණය වුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරයා විත්තිකරුන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් මිනිසුරුවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56