spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැරියක් කෙලෙසූ කපුවෙකුට වසර 20ක සිර දඬුවම්

බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කපුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විත්තිකාර කපුවා තම නිවසේ අදාල දේවාලය පවත්වාගෙන ගොස් ඇති අතර අතවරයට පත් දැරිය මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු හෙයින් ඊට ප්‍රතිකර්මයක් ලබා ගැනීමේ අරමුණින් ඇයගේ භාරකරුවන් සමඟ අදාල දේවාලයට පැමිණ ඇති බව නඩු විභාගයේදී සඳහන් වුණා.

පසුව අදාල දැරිය දීර්ඝ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබුණද රෝගී තත්ත්වය සුව නොවීම හේතුවෙන් දේවාලය ආශ්‍රිත නිවසක නවාතැන් ගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත යුතු බව විත්තිකාර කපු මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, දේවාලය ආසන්නයේ නිවසක නවාතැන් ගනිමින් අදාළ දැරිය පුද පූජා කටයුතුවල සහභාගි වී ඇති බවත් ඒ අතරතුර ඇය විත්තිකරු විසින් දූෂණය කර ඇති බවත් නඩුව විභාගයේදී අනාවරණය වුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරයා විත්තිකරුන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව මෙම දඩුවම් නියම කරන බවත් මිනිසුරුවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?