spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ රියදුරු අත්අඩංගුවට

අවුරුදු 06 ක් වන දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසලට එම පුද්ගලයා කැටුව යන අතරතුරදියි සිදුවීමට මුහුණපා ඇත්තේ.

දැරියට බරපතළ ලිංගික අපයෝජනය සිදු කර ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙක් බවටයි පොලිසිය පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි විවාහකයෙක්.

වින්දිත දැරිය, ඇයගේ 13 හැවිරිදි වැඩිමහල් සොහොයුරියට සිදුවීම පිළිබඳ ව දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිමහල් සොහොයුරිය විසිනුයි ඇයගේ මවට දැනුම්දී ඇත්තේ.

ඉන්පසුවයි මව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

දැරිය රෝහල්ගත කර ඇති බවත්, සැකකරු විමර්ශනවලින් පසු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?