දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ රියදුරු අත්අඩංගුවට

අවුරුදු 06 ක් වන දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසලට එම පුද්ගලයා කැටුව යන අතරතුරදියි සිදුවීමට මුහුණපා ඇත්තේ.

දැරියට බරපතළ ලිංගික අපයෝජනය සිදු කර ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙක් බවටයි පොලිසිය පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි විවාහකයෙක්.

වින්දිත දැරිය, ඇයගේ 13 හැවිරිදි වැඩිමහල් සොහොයුරියට සිදුවීම පිළිබඳ ව දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිමහල් සොහොයුරිය විසිනුයි ඇයගේ මවට දැනුම්දී ඇත්තේ.

ඉන්පසුවයි මව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

දැරිය රෝහල්ගත කර ඇති බවත්, සැකකරු විමර්ශනවලින් පසු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14