දැරණියගල නිවසකින් කාන්තා මළ සිරුරු 2ක් හමුවෙයි

දැරණියගල මලන්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

අභිරහස් ලෙස මියගොස් ඇති මෙම කාන්තාවන් දෙදෙනා සහෝදරියන් බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ නිවසේ සිටි 90 හැවිරිදි මව දැරණියගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 49 සහ 51 යන වයස්වල පසුවූ කාන්තාවන් දෙදෙනෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාවන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවටයි දැනට සිදු කළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීර එම නිවසේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙනවා.

මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ පිටිගල ඕමන්ත ප්‍රදේශයේ නිවසක තිබියදී ද කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු පොලිසිය සොයාගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08