දැරණියගල දී දේශීය වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක් – 4ක් රෝහලේ

දැරණියගල ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර දුන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ – කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයා තවත් පිරිසක් සමඟ දැරණිගල ප්‍රදේශයට ගොස් ඇත්තේ අසනීප තත්ත්වයේ පසුවූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහායි.

අදාළ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම දේශීය වෛද්‍යවරයා ඇතුළු පිරිසට මෙලෙස පොලු වලින් පහර දී තිබෙනවා.

තුවාල ලැබූ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ද අදාළ පුද්ගලයින් පැහැරගෙන ඇති බව සඳහන්. මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයකට ද ඔවුන් පොලුවලින් පහර දී හානි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38