spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැරණියගල දී දේශීය වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක් – 4ක් රෝහලේ

දැරණියගල ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර දුන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ – කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයා තවත් පිරිසක් සමඟ දැරණිගල ප්‍රදේශයට ගොස් ඇත්තේ අසනීප තත්ත්වයේ පසුවූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහායි.

අදාළ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම දේශීය වෛද්‍යවරයා ඇතුළු පිරිසට මෙලෙස පොලු වලින් පහර දී තිබෙනවා.

තුවාල ලැබූ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ද අදාළ පුද්ගලයින් පැහැරගෙන ඇති බව සඳහන්. මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයකට ද ඔවුන් පොලුවලින් පහර දී හානි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?