දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපතිගෙන් පොරොන්දුවක් (ඡායාරූප)

අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ තරුණ තරුණියන්ට ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනපති පැවසුවේ.

යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණියක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.

Youth Meeting 4 2
Youth Meeting 4 2
Youth Meeting 4 2
Youth Meeting 4 2
Youth Meeting 4 2
Youth Meeting 4 2
Youth Meeting 4 2