දැන් තරුණයින්ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ – රනිල්

ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට නම් IMF එකට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අදට යෙදී තිබු අතර එයට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“මොකද්ද අද වෙන්නේ, ප්‍රධාන වශයෙන්, රටේ මධ්‍යම පන්තිය විනාශ වෙනවා. දැන් මේ මධ්‍යම පන්තිය නැතිකරන්න යනවා ද? අද අමාරුවෙන් ජීවත් වෙන්නේ. 70 වගේ නෙමෙයි. අද තියෙන්නේ වෙනත් කාලයක්. දැන් තරුණයින් ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ. අපි කෑවා පොඩි කාලේ කොළඹ හිටියත්. අද ඒක වෙන්නේ නෑ. අලුත් තැනකට යන්නේ. ඒ නිසා මම කියන්නේ මේක ස්ථාවරභාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කතා කරන්න.  මම හිතන්නේ නැහැ රැකියා ඉවත් කරන්න කියන කොන්දේසි දායි කියලා.”  

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපි ගිහින් දුෂ්කර තත්ත්වය ගැන පහසුකමක් ගන්න ගියොත් ඔබතුමන් හොඳටම දන්නවා ඒ අය විසින් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි මාලාවේ ඇති වෙන ප්‍රතිපත්තිමය තත්ත්වයන් ට ඔබතුමන්ලා විපක්ෂය වශයෙන් එකඟ වෙනවා ද?

“IMF එකට යන්න. එතැනට ගියාම කොන්දේසි තියෙයි. මම කියන්නේ රැකියා ඉවත්කරන එක ගැන අපිත් කියන්නම්. යම්කිසි විනයක් ඇති කරයි. මුල්‍ය විනයක්. ඒක අවශ්‍යයි. මේක හරියට අර නක්ෂත්‍ ශාස්ත්‍රය අනුව කියනවා නම් මේ කිව්වේ ග්‍රහයේ 6 දෙනෙක්. ආර්ථික අඵල ග්‍රහයෝ 6 දෙනෙක්. ග්‍රහයෝ 2ක් නැත්නම් 3ක් රාශි ගත වුණොත් මේ පාර්ලිමේන්තුවේ කවුරුත් නෑ. කොහොම ද කරන්නේ මේ  අය. මේ ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවට විතරක් නෙමෙයි. මිනිස්සුන්ට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ම එපා වෙලා තියෙන්නේ. අපි කාගෙවත් මුණට කැමති නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39