දැනටමත් ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුල්වෙලා ඇති : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු කියයි

ජානමය අනුක්‍රමණ විශේල්ෂණයකින් හඳුනා ගන්නා තෙක් අලුතින් හඳුනා ගනු ලැබූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

විවිධ අවස්ථාවලදී හඳුනා ගනු ලැබූ කොවිඩ් ප්‍රභේදයන් ලෝකයේ සෑම රටකටම පාහේ ව්‍යාප්ත වී ඇති බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා එලෙස වීමට ප්‍රධානම හේතුව වන්නේ සංචරණය බවද සඳහන් කර සිටියා.

‘ ඒකේ හැකියාව හැම විටම තියෙනවා. මිට කලින් අපි කතා කරපු ඇල්ෆා, බීටා, ඩෙල්ටා කියන වෛරස ගැන කතා කළා. මේ සියලුම වෛරස් වර්ග ලෝකයේ විවිධ පළාත් හඳුනා ගනු ලැබුවා. කාලයක් ගත වෙන කොට ඒ වෛරසය ලෝකයේ සෑම රටකටම ව්‍යාප්ත වුණා. මේ වෛරසය සංචරණයත් සමගයි ප්‍රධාන වශයෙන් ඒ රටවලට පැතිරිලා තියෙන්නේ. එනකොට එන අය මේ වෛරසය රැගෙන එනවාද කියා අපට කල් තියා හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අප රට තුල සිදුකරන ජාන විශ්ලේෂණයකින් පමණයි මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි අවස්ථාවක මේ ජාන අනුක්‍රමණ පරීක්ෂණයකින් හඳුනා ගන්නා තෙක් මේ වෛරසය රට තුල පැතිරෙමින් පවතින්නත් ඉඩ තියෙනවා. මෙහිදී වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය ලංකාවට ආවද නැද්ද කියන එක හොයනවට වඩා එය ලංකාවට ඇතුල්වීම වැළැක්විමට අවශ්‍ය කටයුතු කරන්න ඕන.’ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57