දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 08 දෙනාගේම සිරුරු හමුවෙයි

කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයන් 08 දෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

අද (17) උදෑසන වන විට අතුරුදන්ව සිටි 08 දෙනා අතරින් 06 දෙනෙක්ගේ සිරුරු හමුවූ බව පොලිසිය සඳහන් කළ අතර මේ වන විට අනෙක් දෙදෙනාගේ ද සිරුරු හමුව ඇති බවයි වාර්තා වන්නේ.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් 15 දෙනෙක් පුද්ගලයන් 10 දෙනෙක් දියේ ගිලීමෙන් අනතුරට පත් වූ අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කරනු ලැබුවා.

ඒ අනුව අනෙක් 08 දෙනාගේ සිරුරු මේ වන විටය හමුව තිබෙනවා.