දැඩි සත්කාර ඒකකයේ දොරත් කඩාගෙන පැනයාමට තැත්කළ ආසාදිතයා ඇදවැටී මරුට

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් අවසිහියෙන් පැනයෑමට උත්සාහ කළ ආසාදිතයෙක් මරණයට පත්වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ “මෙත්සිරි සෙවණ “කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (11) අලුයම 3.00ට පමණ අවසිහියෙන් පළායාමට දැරූ උත්සාහයේදී රෝගී තත්ත්වය උත්සන්න වී පසුව මරණයට පත්වී ඇත.

අනුරාධපුර යසසිරිපුර පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි මියගිය එම තැනැත්තා එක්දරු පියෙකි.

මොහු කොරෝනා වෛරසය ආසාදනය වී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් ඇතුළත් කෙරෙන අංක – 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්නවී මෙත්සිරි සෙවණේ දැඩිසත්කාර ඒකකයට ඊයේ (10) පස්වරුවේ ඇතුළත්කර තිබිණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලුයම අවසිහියෙන් ඔක්සිජන් හා සේලයින් සම්බන්ධතා ගලවා ඇඳෙන් නැගිට දැඩි සත්කාර ඒකකයේ දොරේ වීදුරුවද කඩාගෙන එළියට පැන දිවයද්දී ඇදවැටී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මෙත්සිරි සෙවනේ කාර්ය මණ්ඩලයේ අය බිම වැටී සිටි එම ආසාදිතයා ව ගිලන් ඇඳක තබාගෙන නැවත දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ප්‍රතිකාර කිරීම ආරම්භකර ටික වෙලාවකින් මියගිය බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල වැඩි කිරීමට හේතු කියන PUCSL..ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21