දැඩි අවධානමක්,යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටිීමට නියමිත විභාග අපෙක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 40,508 ක්.

විභාගයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා විශේෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ද පිහිටුවා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එම්.එල්.ඩී ධර්මසේන කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙවර විභාගයේදී සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීමට සියලු සිසුන්, ගුරුවරුන් සහ ශාලාධිපතිවරුන් ඇතුලු විභාග කාර්ය මණ්ඩල කටයුතු කල යුතු බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වෙමින් සිටින සිසුන් සඳහා දිවයින පුරා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන සිසුන් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිසුන් වෙනුවෙන් සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ විභාග ශාලාවක් වෙන් කෙරෙන බවයි.

මේ අතර, මෙරට කොරෝනා දැඩිසත්කාර ඒකක සඳහා වෙන් කර ඇති ඇඳන් 70 න් 52ක්ම මේ වන විට කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී පවතින බව කොවිඩ් 19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්දානි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ඊයේ දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 688 දෙනෙකු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48