spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැක්කාම බයවෙන අමුතු පොලිස් පරික්ෂාවක් මහියංගණයේ දී (වීඩියෝ)

ජනතාව සාමාන්‍යයයෙන් දැක නොමැති ආකාරයෙන් ඇදුමකින් සැරසී පොලිස් නිළධාරීන් මහියංගණ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල අද (30) දින විශේෂ රථවාහන පරික්ෂාවක නිරත වූ බව අප වාර්තාකරු පවසනවා.

අදාළ රථවාහන පරික්ෂාව අද (30) දින පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා සිදුකර තිබුණා.

මහියංගණ මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක්, “යුක්තිය“ මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් , රථවාහන හා මහජනතාව පරික්ෂව සඳහා බදුල්ල දිස්ත්‍රික් කොට්ඨාස භාර නිළධාරීවරයාගේ නියමයෙන් මෙලෙස රාජකාරී සදහා යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබෝර හංදිය යන ස්ථාන 06ක රථවාහන පරික්ෂාව සඳහා මෙම නවක නිළධාරීන් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
18
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?