ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධුරය තහනම් ?

පවතින අර්බුදයට කෙටි කාලීන විසදුමක් ලෙස 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සදහා පක්ෂ නායකයන් අදහස් පළ කර තිබෙනවා.

එමෙන්ම මෙහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීම පිළිබදව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පවතින අර්බුදකාරී තත්ත්වයට කෙටි කාලීන සහ දිගුකාලීන විසදුම් සෙවීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා.

එහිදී දීර්ඝ කාලීන පියවරක් ලෙස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබදවයි අවධානය යොමු වී ඇත්තේ.

කෙසේ නමුත් වත්මන් තත්ත්වය තුළ ජනතාව අපේක්ෂා කරන සාධනීය යෝජනා රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විගනකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සදහා ව්‍යවස්ථාව හා නීති සංශෝධනය කිරීම, රජයේ කොන්ත්‍රාත් සඳහා ලංසු කැදවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ දේශපාලනඥයන් ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය නිලධාරීන් නීති විරෝධී ලෙස උපයා විදේශයන් හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගැනීමට හැකි වන පරිදි අණ පනත් සංශෝධනයට ද ඊට ඇතුළත්.

එමෙන්ම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති ධුරයට පත් කිරීම තහනම් කිරීම ඇතුළු යෝජනා රැසක් මීට අයත් වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

රටේ පුරවැසියන් අපේක්ෂා කරන්නේ යහ පැවැත්මට ප්‍රමුඛත්වය දෙන දක්ෂ, දූෂණයෙන් තොර පාලනයක් බැවින් ඒ සදහා සියළු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, තමන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ඊයේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු අද ආරම්භ වන අතර, මෙම මන්ත්‍රීවරුන් 41 දෙනා සඳහා අද දිනයේදී විපක්ෂයේ අසුන් පැනවෙනු ඇති.

මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (19) දින පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී කථානාකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46