spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ද්විත්ව ඝාතනයට උදව් දුන් 20 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලේ

ද්විත්ව ඝාතනයට උදව් දුන් 20 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලේ

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වන මස 26 වන දින සිදුවූ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් සිය ජාතික හැඳුනුම්පත උපයෝගී කරගනිමින් අපරාධකරුවන්ට සිම්පත් දෙකක් මිලදී ගෙන ලබාදී ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධකරුවන් භාවිත කළ ජංගම දුරකථන දෙකක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (13) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?