spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දහම් පාසල් අවසාන විභාගයට දින නියම වෙයි

බෞද්ධ දහම් පාසල්වල අවසාන සහතික පත්‍ර විභාගය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සඳහන් කළේ 2020, 2021 සහ 2022 වසරවලට අදාළව විභාගය පැවැත්වෙන බවයි.

අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යවා තිබෙනවා.

මෙතෙක් එම ප්‍රවේශ පත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?