දසුන් ශානක අද තරගයේදී ලසිත් මාලිංගව සම කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ සහභාගී වන දෙවැනි T20 තරගය අද පස්වරු 7 සිට පුනේහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා T20 නායක දසුන් ශානක අද තරගයට සහභාගි වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම T20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගී සිටින හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කිරීම සිදු වනවා.

2014 වසරේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා දීමට සමත් නායකයා ලෙසින් ඉතිහාසයේ නම රන් අකුරින් ලියවා ගෙන සිටින ලසිත් මාලිංග, විස්සයි-20 තරග දිවියට සමු දීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තරඟ සංඛ්‍යාව 84ක්.

විස්සයි-20 ජාත්‍යන්තර තරග වාර්තාවන් රැසකට හිමිකම් කියා ඇති දකුණත් වේග පන්දු යවන්නා බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107ක් වනවා.

ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස 2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 06ට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79 ක් ලෙසයි සටහන් වන්නේ.

වර්තමාන T20 සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග 83 කට ක්‍රීඩා කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දසුන් පිත්තෙන් ලකුණු 1249 ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 21 ක් බිදඳ හෙළීමට සමත්ව සිටිනවා.

මෑත කාලයේ සුදු පන්දු තරග සඳහා පත් කරන ලද නායකයන් අතර ඉදිරියෙන්ම සිටින නායකයා වන්නේ දසුන් ශානක වන අතර ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට පැවැති ආසියානු කුසලාන ශූරතාව මෙන්ම තවත් කැපී පෙනෙන ජයග්‍රහණය රැසක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03