spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දසදහසක අල්ලසක් ගන්න ගිය SI මහත්තයා අත්අඩංගුවට

මරදාන පොලීසියේ පරිසර අංශයේ කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරයෙකුව සිටිය දී ගිරිඋල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කර ඇති අතර, එම කාලයේ සිදුව ඇති බව කියන රිය අනතුරක අගතියට පත් පාර්ශය වන්දි ලබාගැනීම සදහා කුලියාපිටිය දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සැකකාර මෙම පොලිස් නිලධාරියා නම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී පැමිණිලි පාර්ශ්වයට වාසි සහගත ලෙස සාක්ෂි ලබාදීම සදහා මොහු විසින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව සඳහන්.

අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරුව ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?