දසදහසක අල්ලසක් ගන්න ගිය SI මහත්තයා අත්අඩංගුවට

මරදාන පොලීසියේ පරිසර අංශයේ කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරයෙකුව සිටිය දී ගිරිඋල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කර ඇති අතර, එම කාලයේ සිදුව ඇති බව කියන රිය අනතුරක අගතියට පත් පාර්ශය වන්දි ලබාගැනීම සදහා කුලියාපිටිය දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සැකකාර මෙම පොලිස් නිලධාරියා නම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී පැමිණිලි පාර්ශ්වයට වාසි සහගත ලෙස සාක්ෂි ලබාදීම සදහා මොහු විසින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව සඳහන්.

අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරුව ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36