කොමඩු වගා කළ ගොවි මහතුන් දසත පුවතින් පසු ජනපති අගයයි (වීඩියෝ)

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන 4ක ආදායමක් උපයා ගත් ගල්කුලම ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙක් පිළිබඳ දසත news තුලින් අණාවරණ කළා.

ඊට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමත් සමඟ ඔහුට සහ අක්කර භාගයක තම මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් උපයා ගත් තවත් ගොවි මහතෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට අවස්ථාව උදා වුණා.

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් උපයා ගැනීමට අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි බන්දුල මුණසිංහ සමත් වුණා.

එමෙන්ම නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන 4ක ආදායමක් උපයාගැනීමටද ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන ගොවි මහතා ද සමත් වූ අතර අප ඒ පිළිබඳ මීට පෙර දසත news තුලින් රටට අනාවරණ කළා.

ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟ මෙම ගොවි මහතුන් දෙදෙනාට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව උදා වුණා.

ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණේ තම අස්වැන්නෙන් කොටසක්ද රැගෙන වීම විශේෂත්වයක්.

තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින්, රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන් එහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළකළා.

රට තුළ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී තරුණ ගොවීන්ට මහඟු ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඔවුන්ගේ මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා විසින් සිහිවටන තිළිණ පිළිගැන්වීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

image 13
image 13
image 14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46