දශක ගණනාවකට පසු කාශ්මීරයේ රහස් හෙළිවෙයි

පකිස්තානය එවකට ස්වාධීන රාජ්‍යයක් වූ කාශ්මීරය සම්පූර්ණයෙන්ම අල්ලාගැනීම සදහා සිදු කළ යුද මෙහෙයුම් පිලිබද අතිශය සංවෙිදී රහසිගත තොරතුරු රැසක් දශක හතකට පසු අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු හෙළිදරව් කර ඇත්තේ අදාළ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිට මේ වනවිට විශ්‍රාමිකව සිටින ⁣පකිස්තාන යුද හමුදාවේ  මේජර් ජනරාල්වරයෙකු වු අක්බාර් ඛාන් කාශ්මීර ආක්‍රමණිකයෝ හෙවත් රෙයිඩර්ස් ඉන් කාශ්මීර් නමින් ලියන ලද ග්‍රන්ථයක් හරහාය.

එහිදී විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හෙළිකර ඇත්තේ එවකට පකිස්තානයේ පාලනය ගෙන ගිය මුස්ලිම් ලීගයේ නායක මියාන් ඉක්රමාවුදීන්ගේ උපදෙස් මත 1947 දී තමන් කාශ්මීරය අල්ලා ගැනීම සදහා යුද සැලසුමක් සකස් කළ බවයි.

ඔපරේෂන් ගුල්මාර්ග් නම් ⁣එම මෙහෙයුම ලාහෝර් සහ පින්ඩි යන නගරවල සිට මෙහෙයවූ බවත්  කාශ්මීර අගනුවර වූ ශ්‍රී නගර් අල්ලා ගැනීමට ආසන්නව තිබූ බවත් ඔහු හෙළිදරව් කර තිබේ.

මෙහිදී බරමුල්ලා ප්‍රදේශයේ සිදුවූ සටන්වලදී එහි සිටි පුද්ගලයන් 14,000 ක් අතරින් 11,000ක්ම ඝාතනයට ලක්වූ බවත් සදහන් වේ.

කෙසේවෙතත් අවසානයේ එවකට කාශ්මීරයේ මහරාජාවරයා වූ හරි සිං ඉන්දියාවෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව සිදුවූ මැදිහත්වීම හේතුවෙන් තම සැලසුම අසාර්ථක වූ බව ද අදාළ ග්‍රන්ථය මගින් හෙළිදරව් කර තිබේ.

කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින අර්බුදයට මේ වනවටි වසර හැත්තෑවකට වඩා වැඩි කාලයක් ගතවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09