දවසක් රෑ මම සන්ධ්‍යාට දසවධ දුන්නා. මගේ අතට අහුවුණු මන්නය අරගෙන කෙටුවා.

ජීවිතේ සමහර තැන් වරද්දගත්තොත් හැමදාමත් ඒ් ගැන හිත හිත පසුතැවිලිවෙන්න වෙනවා.

මේ කියන්න යන්නෙත් හෙටත් ගැන බලාපොරොත්තුවක් නැතිව තම ලෙසින් උපන් පුතු ගැන සිතමින් පසුතැවෙන මිනිසෙකු ගැනයි.

“පුතා දකින්න ආසයි. හැම රෑකම මං මගේ කොලුපැටියාගේ මුහුණ හීනෙන් දකිනවා.

ඒත් මං ඒ දකින්නේ මීට අවුරුදු දහයකට විතර පෙර පුතාගේ මුහුණ. දැන් මගෙ කොල්ලගෙ වයස අවුරුදු විසි දෙකයි. පුතා හැඩකාරයෙක් වෙන්න ඇති.”

ඔහු නෙත නැගී කඳුළක් පිසලමින් මට පවසන්නට විය. ඒ දෑසේ ඇත්තේ දරු සෙනෙහස බව මම හැඟිණි. මම ඔහු හා කතාබස් කළෙමි.

පුතා ආවේ නැද්ද බලන්න?

“පුතා මාව බලන්න එන්නේ කොහොමද? ඒ දරුවා දන්නේ මං මැරුණා කියලා.”

ඇයි ඒ?

“මම කරපු වැරදි වලට කොහොම ද දරුවට මුහුණ දෙන්නේ.”

ඇත්තටම මොකක්ද වුණේ?

“මේකයි වුණේ. මම මගේ පවුලේ වැඩිමලා. තාත්තා නැති වුණාට පස්සේ පවුලේ බර කරට ගත්තේ මම.

මම ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ සම්බන්ධයට. ඒකට එකම හේතුව වුණේ කුල ප්‍රශ්නය.

නමුත් මං රමණිව අමතක කළේ නැහැ. මං හැමෝටම හොරෙන් රමණිව බැන්දා. එයාගේ ගෙදර පදිංචි වුණා. ඔය අතර අපේ අම්මා ලෙඩ වෙන්න ගත්තා. අම්මා කැමති වුණේ නැහැ මම රමණි එක්ක ගෙදර එනවට. ඒ නිසා මං රමණිව ගෙදර තියලා තමයි අම්මා බලන්න ගියේ. අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු අටක්ම මං අම්මව බැලුවේ ඒ විදිහට.”

අම්මව බලන්න හිටියේ ඔයා විතරද?

“නැහැ නංගිලා දෙන්නත් හිටියා. ඒ දෙන්නම විවාහ වෙලා දුර ඈත පදිංචියට ගියා.

අම්මා කැමැති වුණේ නැහැ එයාලා එක්ක යන්න. අම්මා හරිම හිතුවක්කාරයි.

අම්මට ඕන වුණේ එයා කැමති ගෑනු ළමයෙක්ව මට බන්දලා දෙන්න. ඒත් මං ඒකට විරුද්ධ වුණා. ඊට පස්සේ අම්මට ඕන වුණේ රමණිවයි මාවයි වෙන් කරන්න. අපේ අම්මා හරිම නපුරුයි. එයාට ඕන වුණේ එයාගේ වචනය ස්ථිර කරන්න.”

එතකොට රමණි?

“එයා එයාගේ ගෙදර හිටියේ. අපිට පුතා ලැබුණා. ඊට පස්සේ මං ගෙයක් හැදුවා. ඒ ගෙදර අපි පදිංචි වුණා. නමුත් මං අම්මගේ ගෙදර නිතර නිතර ගියා.”

“අම්මා එයාගේ තනිවට කියලා ඈතින් නැදෑ වෙන කෙනකුගේ දුවෙක්ව ගෙන්න ගෙන තිබුණා.

මේ බව දැන ගත්තම රමණි මට කිව්වා ගෙදර යන්න එපා කියලා. ඒත් මං අම්මව නොබලා කොහොමද? මං රමණිට හොරෙන් ගෙදර ගියා. ගෙදර ගියාම අම්මා කියනවා රමණිව අතහරින්න කියලා.

රමණි ගාවට ගියාම එයා කියනවා අම්මා බලන්න යන්න එපා කියලා. මං පුදුමාකාර පීඩනයක හිටියේ.

මට අම්මා අමතක කරන්නත් බෑ ගෑනිව අමතක කරන්නත් බෑ.

මං දහ අතේ කල්පනා කළා. මගේ ජීවිතේ සතුට නැත්තටම නැති වේගෙන යන බව දැනුණා.

මේ කාලේ වෙනකොට පුතාට අවුරුදු එකොළහයි. මං හිතලා හිතලා අන්තිමට තීරණයක් ගත්තා අම්මගේ ගෙදර නතර වෙනවා කියලා. ඒක එහෙම වුණේ රමණි මට සෑහෙන්න වෙනස්කම් කරන්න පටන් ගත්තා.

මට ඉවසගෙන ඉන්න බැරි වුණා. මං වැඩ ඇරිලා හැමදාම රමණිගෙ ගෙදරට ආවා. ඇවිල්ලා පුතාව බලලා රෑට අම්මලගෙ ගෙදර ගියා.”

“රමණිගෙ ගෙදර ගියාම මට තේ එකක්වත් ලැබුණේ නැහැ. නමුත් මං අම්මගෙ ගෙදර ගියාම අම්මව බලාගන්න හිටපු සන්ධ්‍යා මට ආදරෙන් සැලකුවා.

ඒ නිසාම වෙන්නැති මං පහුවෙනකොට රමණි බලන්න යන ගමන නතර වුණේ. රමණි එයාගේ ගෙදර අයගේ කතාවට රැවටිලා මගෙන් දික්කසාද වුණා.

මං කැමති වුණේ නැහැ එයා මගෙන් දික්කසාද වෙනවට. ඒත් ඒක එහෙම වුණා. ඉන් පස්සේ එයා කොහේ ගියාද දන්නේ නෑ. මට යාළුවෙක් කිව්වා රමණිලා අනුරාධපුර පැත්තේ පදිංචියට ගියා කියලා. මං මාස ගානක් දුකෙන් හිටියේ. මගේ හිතේ දුක ටිකක් හරි නැති කළේ සන්ධ්‍යා.“

“ඒ කාලේ වෙනකොට සන්ධ්‍යයි මායි අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් අම්මා අපි අතර බැඳීමක් හැදුවා. අම්මා අපි ජීවත්වෙන ගේ සන්ධ්‍යාගේ නමට ලියලයි තිබුණේ.“

එතකොට නංගිලා?

“නංගිලා අම්මා එක්ක තරහයි. එයාලා බැඳලා ගියාට පස්සේ කවදාවත්ම ගෙදර ආවේ නැහැ.

අපේ අම්මා එක්ක කිසිම කෙනෙකුට ඉන්න බැහැ. හරිම නපුරුයි. මං රට යන්න ඕන කියලා පාස්පෝට් හැදුවා. ඒත් අම්මා මට ඒකට ඉඩ දුන්නේ නැහැ. හැමෝම කිව්වේ මම නෝංජල් වැඩියි කියලා.

මං ටික ටික බීමට ඇබ්බැහි වුණා. කවුරුවත් ඒක නතර කරන්න හැදුවේ නැහැ. ඒ නිසා මං මට ඕන විදිහට ජීවත් වුණා. මගෙ සිහිය විකල් වුණා කිව්වොත් හරි.”

ඊට පස්සේ මොකද වුණේ?

“අම්මා ලෙඩ වෙන්න ගත්තා. ගේ ලියා ගත්තට පස්සේ සන්ධ්‍යා වෙනස් වුණා. දවසක් මම නංගිලාගේ ගෙදර ගියා. ඒත් ඒ ගොල්ලෝ මාව පිළිගත්තේ නැහැ. මං ආයෙත් ගෙදර ආවා. මට අම්මා ගැන පුදුම තරහක් ආවේ. ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණ මගේ ජීවිතේ අම්මා නිසා විනාශ වුණා කියලා මට හිතුණා.”

“ඔයා සන්ධ්‍යාට ආදරේ කළාද?

“අපෝ නැහැ. මං මුලින් නම් එයාට ආදරේ කළේ නැහැ. ඒත් හැමෝම මගෙන් ඈත් වෙලා යනකොට මං සන්ධ්‍යාට ළං වුණා.

නමුත් මං බීමට ඇබ්බැහි වුණ නිසා එයා මගෙන් දුරස් වෙන්න ගත්තා. මට ඒක දරාගන්න බැරි වුණා.

මං සන්ධ්‍යාට වෛර කරන්න ගත්තා කිව්වොත් හරියටම හරි. ඒ වනතුරුත් අපි අතර කිසිම කායික සම්බන්ධකමක් තිබුණේ නැහැ.

සන්ධ්‍යාට අපේ ගෙදර ආරක්ෂාව තිබුණා. නමුත් හැමෝම හිතුවේ අපි අතර සම්බන්ධයක් ඇති කියලා. මේ අතර තමයි සන්ධ්‍යා ගමේ කොල්ලෙක් එක්ක යාළුවෙලා තියෙන්නේ.

ඒ කොල්ලා මම නැති අතරේ නිතර ගෙදර එනවලු.

අම්මා දවසක් මට කිව්වා. මං අතටම අල්ල ගන්නම් කියලා හිටියා. ඒත් බැරි වුණා. දවසක් අම්මට අමාරු වෙලා ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා.

එදා මම හොඳටම බීලා ඉඳලා තියෙනවා. සන්ධ්‍යා එයා යාළුවෙලා හිටපු කොල්ලා එක්ක තමයි අම්මව ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා තිබුණේ.”

එද රෑ ගෙදර මම හිටියේ සන්ධ්‍යා අම්මා ළඟ. දවසක් දෙකක් ඒ විදිහට ගෙවිලා ගියා. අම්මා ගෙදර එක්ක ආවා. සන්ධ්‍යා අම්මව හොඳට බලාගත්තා.

නමුත් සන්ධ්‍යා යාළු වෙලා හිටපු කොල්ලා ගැන මට පැහැදීමක් තිබුණේ නැහැ

එදා ඉඳලා සන්ධ්‍යයි මායි අතර ප්‍රශ්න ඇති වුණා. දවසක් රෑ මං සන්ධ්‍යාට ගැහැව්වා. එදා… මං ඒ ගෑනිට දසවධ දුන්නා. අම්මා කෑ ගැහුවා සන්ධ්‍යාට මුකුත් කරන්න එපා කියලා.

ඒත් මං ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. මං දැන ගෙන හිටියේ නැහැ එදා සන්ධ්‍යා යාළු කොල්ලා අපේ ගෙදර හිටපු බව.

අන්තිමට ඒ කොල්ලා කොහේදෝ ඉඳලා මට ගහන්න පැන්නා. මං දන්නෑ මගේ අතට මන්නය කොහෙන් අහුවුණාද කියලා. මං එකෙන් අර කොල්ලට කෙටුවා. කොල්ලා මරහඬ දීගෙන සාලේ මැද්දේ වැටුණා. මට මතක එච්චරයි. ගමේ මිනිස්සු වට වෙනවා මතකයි. පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා.”

එතකොට සන්ධ්‍යා ?

“ඇත්තම කිව්වොත් ඒ ගෑනිගේ වරදක් නැහැ. එයා ඊට පස්සෙත් අපේ අම්මව බලාගෙන තිබුණා. අම්මා මැරුණාම ඒ කටයුතු කරලා තිබුණෙත් එයාමයි. නෑයෝ කියලා සන්ධ්‍යාට එයාගේ නමට තියෙන නිසා ගේ විකුණගන්න කියලා. එයා ගේ විකුණලා ඒ සල්ලිත් අරගෙන ගමට ගිහිල්ලා.”

මං හිරගෙදරට ආවා. මං මගේ පුතා ගැන හීන දකිනවා. ඒ ගොල්ලෝ මොනවා කරනවද කියලා කවුද දන්නේ. ජීවිතේ හැටි ඔහොම තමයි.”

මට දැන් හිතෙනවා මමත් නංගිලා වගේ ස්වාධීනව තීරණ අරන් ජීවත් වුණා නම් ඉවරයි කියලා. ඒත් දැන් ඒ මොනවා හිතුවත් වැඩක් නැහැ මගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි.”

ඔහු දිගු සුසුමක් හෙළා පවසන්නට වුයේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56