“දවසක් මම රෑ යාළුවෝ එක්ක පරණ පුරුද්දට බෝක්කුව උඩ හිටියා.. නංගි මුඩුක්කු පේළියේම කොල්ලෙක් එක්ක පැනලා ගියා.”

මිනිසුන්ගේ ජීවිත පුදුමාකාරය. සරත්ගේ ජීවිතය ද එහෙමය. බාලවියේ සිට අනේක දුක් වේදනාවන් විඳි ඔහුට හිර ගෙදර යන්නට සිදු වුයේ අනපේක්ෂිත ලෙසය.

දැන් ඔහුට හිරගෙය තම නිවෙසටත් වඩා හුරුය. පුරුදුය.

නමුදු එහි යාම කොතරම් නම් මානසික වදයක් දැයි දන්නේ ඔහුම පමණි.

“මේක මගේ කරුමේ” එසේ කියා හිත සනසා ගන්නට දැන් සරත් හුරු වී සිටින්නේය.

ජීවිතේ අලුතෙන් පටන් ගන්න කියලා හිතාගෙන සරත් හතරවෙනි වතාවටත් හිර ගෙදර මහදොරින් එළියට ආවා.

“ආයෙ නම් කවදාවත් මෙහෙ එන්නේ නැහැ.”

සරත් එහෙම හිතුවේ කීවෙනි වතාවට ද කියලා ඔහුට මතක නැහැ.

ඒත් කොයි තරම් හිත හදාගත්තත් සරත්ට පස්වෙනි වතාවටත් හිරේ එන්න වුණා.

කොහොමද එහෙම වුණේ?

“අපේ අම්මලා තාත්තලා සල්ලි කාරයෝ නෙමෙයි. අපි පුංචි කාලේ ඉඳලම හැදුණේ වැඩුණේ මුඩුක්කු පේළියක. තාත්තා කීර කොටුවක් කළා. මහ වැස්සට ඒ කොළ කොටුව යට වෙනවා.

වැස්ස කාලෙට මිනිස්සු කොළ කන්නේ නැහැ. එහෙම වුණාම අපේ බඩට මුකුත් වැටෙන්නේ නැහැ. සමහර දවස්වලට නංගියි මමයි වේල් දෙක තුන බඩගින්නේ ඉන්නවා. එක බනිස් ගෙඩිය කඩාගෙන කාලා ඉස්කොලේ යනවා.”

අම්මා රස්සාවක් කළේ නැද්ද?

“අම්මා ගෙදර කඩයප්පන් හැදුවා. ඒත් එක හුඟාක් කල් කරන්න ලැබුණේ නැහැ. අම්මට පිළිකාවක් හැදුණා. ඒකෙන් අම්මා හුඟාක් දුක් වින්දා. අවුරුදු ගානක් දුක් වින්දා.

නංගී අම්මව බලා ගන්න ගෙදර නතර වුණා. එයා ඉස්කෝලේ ගියේ අටේ පන්තියට විතරයි. තාත්තා අම්මට බෙහෙත් කරන්න ඕන නිසා කුලී වැඩ කරන්න ගියා.

මමත් ඉස්කෝලේ ගමන අත්හැරලා කඩේක වැඩට ගියා.”

අම්මගෙ මරණයෙන් පස්සේ මොකද වුණේ?

“අම්මාගෙ මරණයෙන් පස්සේ අපිට ජීවිතේ ලොකු සැනසිල්ලක් දැනුණා.

ඒක නරක අදහසක් නෙමෙයි. අම්මා දුක් විදනවා බලාගෙන ඉන්න බැරිව අපි හිටියේ.

පිළිකාව හැදුණේ උගුරේ. ඒ නිසා අම්මා කෑම කන්න බැරිව හුඟාක් දුක් වින්දා.

ඒ විඳපු දුක නම් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසයි මං අම්මා මැරුණ එක ගැන සතුටු වෙනවා කිව්වේ.

අම්මගෙ මරණයෙන් පස්සේ නංගි මුඩුක්කු පේළියේම කොල්ලෙක් එක්ක පැනලා ගියා. තාත්තා නංගි ගැන හොයලා බැලුවේ නැහැ. අම්මගෙ මරණයත් එක්කම තාත්තා ජීවත් වුණේ හැමදේම එපා වුණ ගානට.”

“ඒ නිසා අපිට වැඩිහිටියෙක් හිටියේ නැහැ කිව්වොත් හරි.

නංගී අයාලේ ගියෙත් ඒ නිසා. ඒ වෙනකොට නංගිට අවුරුදු දහ අටක් විතර ඇති. නමුත් නංගිට වරදක් වුණේ නැහැ. දැන් එයාට දරුවෙකුත් ඉන්නවා.”

* එතකොට ඔයා කසාද බැන්දේ නැද්ද?

“නැහැ. මං තාත්තව බලාගෙන හිටියා. තාත්තාට අංශභාග රෝගය වැළඳුණා.

එයාව ඇවිද ගන්න අමාරු වුණා. මං නංගිට කිව්වා ගෙදර එන්න කියලා.

එයා ආවට පස්සේ මං නංගිලගෙ පවුලම බලාගත්තා.

පුතා මට හරි ආදරෙයි. නංගියි මස්සිනයි අපි හැමෝම සතුටින් හිටිය නිසා මට කාගෙවත් අඩුවක් දැනුණේ නැහැ. නංගි නම් මට කිව්වා විවාහ වෙන්න කියලා. නමුත් ඉතිං ගැලපෙන කෙනෙක් ලැබෙන්න ඕන නේ.”

හිරේ එන්න වුණේ ඇයි?

“තාත්තා මැරුණට පස්සේ මගෙ හිතට හරි පාළුවක් දැනුණා.

නංගිලාගේ ජීවිත ලස්සනට තිබුණා. හැන්දෑවට මං මුඩුක්කු පේලියේ කුණු ඇළ ගාව තියෙන බෝක්කුව උඩට වෙලා වාඩිවෙලා ඉන්නවා. එතැන තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා.

අපි ඉඳලා හිටලා සින්දුවක් කියාගෙන සතුටින් හිටියා.

ඔය අතරේ තමයි මං ගංජා සුරුට්ටුවට පුරුදු වුණේ. දවසක් පොලිසියෙන් පැන්නා. හැමෝම පැනලා ගියා. මාව අහුවුණා.

ඒ වෙලාවේ මගෙ අතේ සුරුට්ටු මිටියක් තිබුණා. මොනවා කරන්නද මට මාස හයක් හිරේ ඉන්න වුණා.”

“ඉස්සෙල්ලම හිරේ ආව දවසේ මට හරි දුකයි. පහුවදා උදේම නංගි අඬාගෙන ආවා මාව බලන්න. මොනවා කරන්නද ඒ මාස හය අමාරුවෙන් ගෙවා ගත්තා. දෙවෙනි පාර හිරේ ආවේ වත්තේ එකෙක්ට ගහලා කකුල කඩලා.”

* එහෙම ගහන්න හේතුව..?

“හේතුව තමයි ඌ මගේ නංගිට කැත විදිහට විහිළු කරලා. නංගි අටේ පන්තියට විතරක් ඉගෙන ගත්තට එයා හරි ලස්සනයි. වත්තේ කොල්ලෝ නංගීට ඇහැ ගහගෙන හිටියේ.

ඇත්තටම මට කේන්ති ගියා. උන් නංගිට කැත විදිහට විහිළු කළාම.”

“ඒ පාරත් හිරේ ගිහිල්ලා මාස අටක් විතර හිටියා. මං හිතා ගත්තා ආයේ කවදාවත් හිරේ යන්නේ නැහැ කියලා. නමුත් දෙපාරක් හිරේ ගිහිල්ලා ආව මට රස්සාවක් තිබුණේ නැහැ.

මං කඩේට ගියාට මාව එතැනට බාර ගත්තේ නැහැ. මං හන්දි ගානේ ඇවිද ඇවිද හිටියා.

එහෙම ඉන්නකොට තමයි සිරිදාස අයියා ගාව මම වැඩට ගියේ. සිරිදාස අයියා පොල් ගෙන්නලා විකුණන එක කළේ. මම හිතුවේ මට කතා කළේ ඒකට කියලා.

ඒත් මං දැනගෙන හිටියේ නැහැ සිරිදාස අයියා කසිප්පු විකුණන බව. ඒ ගැන මම දැනගන්නකොට හොඳටම ප්‍රමාදයි. මං සිරිදාස අයියා එක්ක සම්බන්ධවෙලා අවුරුද්දකට විතර පස්සේ පොලිසියෙන් අපිව ඇල්ලුවා. එදත් මට වුණේ අවුරුදු තුනකට හිරේ යන්න.

මං හරිම අමාරුවෙන් අවුරුදු තුනක් හිරේ හිටියා. අන්තිමට හිරෙන් එළියට එන දවසේ මං හිතා ගත්තා ආයේ කවදාවත්ම හිරගේ පැත්ත පළාතේ එන්නේ නැහැ කියලා. නමුත් ඒක ඒ විදහටම පිළිපදින්න මට බැරි වුණා.

ඒ මොකද..?

“මං හිතාගත්තා හිරෙන් ආවට පස්සේ සිරිදාස අයියා ගාවට යන්නේ නැහැ කියලා.

මං ගියේ නැහැ. නංගියි මස්සිනයි මට කිව්වා එයාලා මට කන්න අඳින්න දෙන්නම් ගෙදරට වෙලා ඉන්න කියලා.

ඒ වෙනකොට නංගි ගාමන්ට් එකකින් රෙදි ගෙනල්ලා ගෙදර මහනවා.

එයා ගාව ගෑනු ළමයි දෙන්නෙකුත් වැඩ කළා. නංගීලාට අඩු පාඩුවක් තිබුණේ නැහැ.

මාස කිහිපයක් ගෙවිලා ගියා. මටත් හිතුණා නංගීට උදව් කරගෙන හිටිය නම් හොඳයි කියලා. ඒත් මේක මගේ කරුමය වෙන්න ඇති.”

“දවසක් මම රෑ යාළුවෝ එක්ක පරණ පුරුද්දට බෝක්කුව උඩ හිටියා.

ඒ වෙනකොට මං ගංජා උරන එක අතහැරලා තිබුණේ. නමුත් එදා වත්තේ කොල්ලෝ හොඳට බීලා හිටියේ. වත්තේ මඟුල් ගෙයක් තිබුණ නිසා. එදා කොල්ලෝ ටික අතරේ රණ්ඩුවක් ගියා.

ඒ රණ්ඩුව අවසානයේ කොල්ලෙක් මැරුණා. ඇත්තම කිව්වොත් මං ඒ රණ්ඩුව බේරගන්න හැදුවේ. පිහිය උදුර ගන්නකොට කොල්ලා මැදට පැන්නා. අන්තිමට මං මිනී මරුවෙක් වුණා.”

නංගි නඩුවට වියදම් කරන්නේ. අන්තිමට මට අවුරුදු දහයක දඬුවමක් ලැබුණා. දැන් මේ අන්තිම අවුරුද්ද ගෙවන්නේ. හෙට අනිද්දම ගෙදර යන්න පුළුවන්.

සරත් පවසන්නට වුයේ හිනැහෙමිනි.

උපුටා ගැනීමකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04