දරු ඵල සිහිනය සැබෑ කරගන්න ගිය කාන්තාවකට අතවර

දරුවකු බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය 42 හැවිරිදි විවාහක කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවාහ වූ කාලයේ සිට දරුඵල නොමැති බැවින් අතවරයට පත් මෙම කාන්තාව තම සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ප්‍රතිකාර ගැනීමට ගොස් තිබූ බව සඳහන්.

අවස්ථා 4කදී මෙම කාන්තාව සැමියා සමඟ ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ගොස් තිබූ අතර එහිදී සැකයක් උපදවන කිසිදු කරුණක් සිදු නොවූ බවින් ඇය පසුගිය 12 වනදා තනිවම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බවටයි එම කාන්තාව පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

නිවසට පැමිණි කාන්තාව ඒ බව සැමියාට දැනුම් දීමෙන් අනතුරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් එම වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් සැකකරු ඒ වන විටත් ප්‍රදේශය හැර පළා ගොස් තිබූ බව සඳහන්.

අනතුරුව සැකකරු අද දිනයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා 57 හැවිරිදි තිදරු පියෙක්. ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34