spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරු ප්‍රසූතියෙන් පසු බිම වැටී බිළිඳෙකු මිය යෑම ගැන අනුරපුර රෝහලේ අධ්‍යක්ෂ කරුණු කියයි (වීඩියෝ)

දරු ප්‍රසූතියක් සිදු කරන අවස්ථාවේ දී එම බිළිඳා බිම වැටීමෙන් මියගිය බව කියන සිද්ධියක් ඊයේ (13) අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය බිළිඳාගේ මව පැවසුවේ දරු ප්‍රසූති සිදුවනවාත් සමඟ තම බිළිඳා බිමට වැටුණු බවත්, එම අවස්ථාවේ දී බිළිඳාව අල්ලා ගැනීමට එහි සිටි හෙද කාර්ය මණ්ඩලයට නොහැකි වූ බවයි.

එලෙස බිම වැටුණු තම බිළිඳා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, දින තුනක් එහි ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා ඊයේ (13) මිය ගිය බවත් අදාළ මව පවසා සිටියා.

මෙලෙස මියගිය බිළිඳාගේ මව සහ පියා සඳහන් කර සිටියේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඒ අසල සිටි හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තම දරුවාට ජීවිතය අහිමි වූ බවයි.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර අද (14) මාධ්‍යට අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිද්ධිය නොසැලකිල්ල මත සිදුවූ දෙයක් ද යන්න පිළිබඳව එක්වරම ප්‍රකාශ කළ නොහැකි බවයි.

සිදුකරනු ලබන මරණ පරීක්ෂණයෙන් මෙම මරණයට හේතු වූ කාරණය නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත්
සඳහන් කළේ.

මේ අතර මෙම බිළිඳා නියමිත කාලයට පෙර එනම් සති 31ක් වැනි කාලයක දී බිහිවී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.

එමෙන්ම මෙය අඩු බර දරු ප්‍රසූතියක් ලෙසට ද හඳුනාගෙන ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

වෛද්‍යවරයා අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටියේ දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම දරු ප්‍රසූතියේ දී බිළිඳා අධික තෙරපුමක සිට දැඩි පීඩනයක් යටතේ එක්වරම නිදහස්වීමකින් සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
7
+1
2
+1
13
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?