දරු ප්‍රසූතියෙන් පසු බිම වැටී බිළිඳෙකු මිය යෑම ගැන අනුරපුර රෝහලේ අධ්‍යක්ෂ කරුණු කියයි (වීඩියෝ)

දරු ප්‍රසූතියක් සිදු කරන අවස්ථාවේ දී එම බිළිඳා බිම වැටීමෙන් මියගිය බව කියන සිද්ධියක් ඊයේ (13) අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය බිළිඳාගේ මව පැවසුවේ දරු ප්‍රසූති සිදුවනවාත් සමඟ තම බිළිඳා බිමට වැටුණු බවත්, එම අවස්ථාවේ දී බිළිඳාව අල්ලා ගැනීමට එහි සිටි හෙද කාර්ය මණ්ඩලයට නොහැකි වූ බවයි.

එලෙස බිම වැටුණු තම බිළිඳා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, දින තුනක් එහි ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා ඊයේ (13) මිය ගිය බවත් අදාළ මව පවසා සිටියා.

මෙලෙස මියගිය බිළිඳාගේ මව සහ පියා සඳහන් කර සිටියේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඒ අසල සිටි හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තම දරුවාට ජීවිතය අහිමි වූ බවයි.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර අද (14) මාධ්‍යට අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිද්ධිය නොසැලකිල්ල මත සිදුවූ දෙයක් ද යන්න පිළිබඳව එක්වරම ප්‍රකාශ කළ නොහැකි බවයි.

සිදුකරනු ලබන මරණ පරීක්ෂණයෙන් මෙම මරණයට හේතු වූ කාරණය නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත්
සඳහන් කළේ.

මේ අතර මෙම බිළිඳා නියමිත කාලයට පෙර එනම් සති 31ක් වැනි කාලයක දී බිහිවී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.

එමෙන්ම මෙය අඩු බර දරු ප්‍රසූතියක් ලෙසට ද හඳුනාගෙන ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

වෛද්‍යවරයා අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටියේ දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම දරු ප්‍රසූතියේ දී බිළිඳා අධික තෙරපුමක සිට දැඩි පීඩනයක් යටතේ එක්වරම නිදහස්වීමකින් සිදුව ඇති බවයි.

  1. රෝහල්වල මේ සිදුවීම් වලට අපක්ෂපාතීව පර්යේෂණ කරන්න ඕන . රෝහලේ කට්ටිය දාලා පරීක්ෂණ කරලා වැඩක් නැ මුන් මේ කරන අසාධාරණ, නොසැලකිලිමත් වැඩ වලට. පිටරට කට්ටිය හරිි හොද කෙනෙක් දාලා උපරිම දඩුවම් දෙන්න .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16