දරු ගැබට පයින් ගසා විනාශ කළ පාපතර සැමියා රිමාන්ඩ්

කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචි, ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව හෙට (12) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ දැනුම්දීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබුණා.

නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවයි, පොලිසිය අධිකරණය වෙත පවසා ඇත්තේ.

කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවයි, මෙහිදී පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05