spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරු ගැබට පයින් ගසා විනාශ කළ පාපතර සැමියා රිමාන්ඩ්

කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචි, ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව හෙට (12) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ දැනුම්දීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබුණා.

නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවයි, පොලිසිය අධිකරණය වෙත පවසා ඇත්තේ.

කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවයි, මෙහිදී පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?