spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවා ටී. වී. ස්ටෑන්ඞ් එකේ එල්ලූණා රූපවාහිනි එයාගේ ඔළුව උඩට වැටුණා

වයස අවුරුදු එකහමාරක කුඩා සිඟිති දරුවකුගේ හිස මත රූපවාහිනී යන්ත්‍රයක් වැටී මරුමුවට පත්වීමේ ශෝකජනක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති සාක්ෂි විභාගයකදී අනාවරණය වුණා.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ ජා-ඇල, පාරිස් පෙරේරා පාර, 5 වැනි පටුමගේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ රිතුමි ආකේල්යා නමැති සිඟිති දියණියක්.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී සාක්ෂි දුන් මියගිය සිඟිති දැරියගේ මව වන මොහොමඞ් ඉක්බාල් ෆාතිමා කන්නා (33) යන අය මෙසේ පවසා සිටියා,

මියගොස් සිටින්නේ මගේ හතරවැනි දරුවා. 2021/03/18 වැනිදා උදේ 10.00 ට පමණ මගේ ලොකු දරුවාට පාඩම් කියා දෙමින් සිටියා. අනෙක් දරුවන්ද සිටියේ මා අසලයි. මියගිය මෙම දරුවා එකවිටම දුවගෙන ඇවිත් ටී. වී. එක තිබුණ ස්ටෑන්ඞ් එකේ එල්ලූණා. එම ස්ටෑන්ඞ් එක අඩි 3 ක් පමණ උස රෝද සවිකළ එකක්. පසුව ටී. වී. එක දරුවාගේ හිස මතට වැටුණා. එහිදී දරුවාගේ හිස ඉදිමී තුවාල වුණා. දරුවා කතා කළේ නැහැ. අනතුරුව දරුවාව ජා-ඇල රෝහලටත්, එතැනින් රාගම රෝහලටත්, අවසානයේ ජාතික රෝහලටත් ඇතුළත් කළා. දරුවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021/03/19 වැනිදා දරුවා මියගිය බව දැනුම් දුන්නා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්. ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා විසින් මියගිය සිඟිති දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි මහත්මිය මෙම සිඟිත්තාගේ මරණය හිස මතට රූපවාහිනී යන්ත්‍රය වැටීමෙන් හිසට ඇති වූ බරපතළ තුවාල හේතුකොට ගෙන සිදුවූ මරණයක් බවට තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?