දරුවන් සහ කාන්තාවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිඟමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු වුණා.

මේ වන විට සිඟමන් යැදීම සදහා දරුවන් කුලියට ගැනීම, ඇතැම් දරුවන්ට මත්පෙති ලබා දී සිඟමන සදහා යොදා ගැනීම, කාන්තාවන් ව්‍යාජ ලෙස ගැබිනි කාන්තාවන් සේ පෙනී සිටිම ආදිය බහුලව සිදුවන බැවින් සිඟමනේ යෙදීම ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි මෙහිදී සාකච්ඡා වුයේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සදහා නෛතික ප්‍රතිපාදන පැවතියද ප්‍රායෝගික තලයේ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ ගැටලු පිළි‍බදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත ‍මෙරට යාචකයන් පිළිබද සමීක්ෂණ සමග ද සම්බන්ධ වෙමින් අදාළ දත්ත ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අනුව එළඹෙන සතියේ මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් සූදානම් කර කඩිනම් පියවර ගැනීමට මෙහිදී වැඩිදුරටත් තීරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30