spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන් පාලනය කරන්න බැරිනම් පොලීසියේ උදව්ගන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 14 හැවිරිදි ළමයෙක් පහර දී ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයන් අත්අඩංගුවට ගැනුණු එහි පාලිකාව අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, සැකකාරිය ඊයේ (03) දිනයේ දී කල්මුණේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මියගිය 14 හැවිරිදි ළමයාට සාධාරණය ඉටුකර දෙන ලෙස පවසමින් ඔහුගේ ඥාතීන් මෘත දේහය ද රැගෙන කොකුවිල් පොලිසිය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණා.

මේ අතර මෙම සිද්ධිය හා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවක දී පොලිසියේ සහාය ලබාගන්නා ලෙසයි.

දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බවටයි දරුවන්ගේ භාරකාරත්වයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?