spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන් තිදෙනෙක් අතුරුදන් – හේතුව දෙමව්පියන්ගේ තරවටුව ද?

නල්ලතන්නිය පොලිස් වසමේ ලක්ෂපාන වතු යායේ පදිංචි ව සිටි පාසල් වයසෙහි පසුවන සිසුන් තිදෙනෙකු ඊයේ දිනයේ සිට සිය නිවෙස් වෙත පැමිණ නැති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ අදාළ සිසුන් තිදෙනාගේ දෙමව්පියන් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි.

වයස අවුරුදු 13,14 සහ 15 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුයි මෙලෙස සිය නිවසට යළි නොපැමිණ ඇත්තේ.

අතුරුදන් ව සිටින සිසුන් තිදෙනා ජලය ගලා යන ජල නලයක් කඩා දමා ඇති බවත්; එම සිද්ධියට තම දරුවන්ට තමන් විසින් බැණ වැදුණු බවත්, ඉන් අනතුරුව මෙම සිදුවීම සිදු වූ බවත් දෙමාපියන් පොලිසියට පවසා තිබෙනවා.

දෙමව්පියන් යළි බණියි යැයි හෝ දඬුවම් කරන්නේ යැයි සැකය නිසා ඔවුන් මෙලෙස නිවෙස් වෙත නොපැමිණ සිටින බවට සැකයක් ඇති බව ද එම දරුවන්ගේ දෙමව්පියන් වැඩිදුරටත් කට උත්තරය ලබාදීමේ දී සඳහන් කර ඇතැයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

ඊයේ දින සවස මෙම අතුරුදන් වූ සිසුන් තිදෙනා එම ප්‍රදේශයේ සැරිසැරූ බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන තෙක් එම දරුවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැහැ.

ඔවුන් සොයා නල්ලතන්නිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?