දරුවන් තිදෙනෙක් අතුරුදන් – හේතුව දෙමව්පියන්ගේ තරවටුව ද?

නල්ලතන්නිය පොලිස් වසමේ ලක්ෂපාන වතු යායේ පදිංචි ව සිටි පාසල් වයසෙහි පසුවන සිසුන් තිදෙනෙකු ඊයේ දිනයේ සිට සිය නිවෙස් වෙත පැමිණ නැති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ අදාළ සිසුන් තිදෙනාගේ දෙමව්පියන් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි.

වයස අවුරුදු 13,14 සහ 15 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුයි මෙලෙස සිය නිවසට යළි නොපැමිණ ඇත්තේ.

අතුරුදන් ව සිටින සිසුන් තිදෙනා ජලය ගලා යන ජල නලයක් කඩා දමා ඇති බවත්; එම සිද්ධියට තම දරුවන්ට තමන් විසින් බැණ වැදුණු බවත්, ඉන් අනතුරුව මෙම සිදුවීම සිදු වූ බවත් දෙමාපියන් පොලිසියට පවසා තිබෙනවා.

දෙමව්පියන් යළි බණියි යැයි හෝ දඬුවම් කරන්නේ යැයි සැකය නිසා ඔවුන් මෙලෙස නිවෙස් වෙත නොපැමිණ සිටින බවට සැකයක් ඇති බව ද එම දරුවන්ගේ දෙමව්පියන් වැඩිදුරටත් කට උත්තරය ලබාදීමේ දී සඳහන් කර ඇතැයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

ඊයේ දින සවස මෙම අතුරුදන් වූ සිසුන් තිදෙනා එම ප්‍රදේශයේ සැරිසැරූ බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන තෙක් එම දරුවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැහැ.

ඔවුන් සොයා නල්ලතන්නිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

  1. MULU RATEMA SAMANAYA SAHA DUPPATH PANTHIYE DARUWO INNE DHADHI MANASIKA PEEDANAYAKIN. ISKOLE YANNA KEMA BEEMA POTHPATH VAHANA GASTHU BUS GASTHU CLASS FEES SAHA NIDAHAA NAHE. GEWAL ATHULATAMA DAGENA HADANNE. NITHARAMA SMART PHONE.LAP WALA EBILA INNE GAME EKKA. EYALA BOOMAYAK SUGAR, PRESSURE, CHILESTEROL WALIN DENA HO NODENA PEEDA WINDHINAWA. ISSARA RS 3000 THIBUNA FULL BODY CHECKUP EKAK DA GANNA HAKIYI. DAN 20-3000 EHA. UN EKKA KATHA KARANNA, UN KIYANA DEYA AHAGENA INNA UNTA ADHARAYA KARANNA KISI KENEKUTA WELAWAK NAHE. ETHAKOTA UN EWA PITA KARANNE MOKAK HARI KADALA, THAWA EKEKUTA GAHALA, WAHANA TRAIN WALATA GAL WISI KARALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14