දරුවන් අතර පැතිරෙන තවත් මාරාන්තික රෝගයක්

රට තුළ යළිත් කොවිඩ් -19 හිස එසවීමත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ වෛද්‍යවරු අනතුරු අඟවති.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන්ට  “මිස්සී” නමැති රෝගී තත්ත්වය ඇති වුවහොත් මරණය පවා ඇති වියහැකි බවය.

“මේ දිනවල කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙන නිසා, තව සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත දරුවන්ට “මිස්සී” රෝගය හැදෙන්න පුළුවන්. 
“ඒ කියන්නේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි. මේ රෝගය ඉතාම බරපතළ වෙන්න පුළුවන්. සියලුම ඉන්ද්‍රියන් අඩපණ වෙන්න පුළුවන්. අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කරන්න පුළුවන්. මිස්සී බරපතළයි. ඒක හැදිච්ච දරුවෝ දැඩිසත්කාර ඒකකවලට යන්න පුළුවන්. මරණය ඇති වෙන්න පුළුවන්.” 

“මව්පියන්ට රෝගය තිබිලා දන්නේ නැතුවම දරුවන්ට රෝගය හැදුනොත් සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත ආපහු සැරයක් දරුවෙක්ට උණ ඇවිල්ලා, බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, ඇස් කහ වීම, හුස්ම ගැනීමේ අපහසුතා, මුත්‍රා යාම අඩුවීම හරි මුත්‍රා එක්ක ලේ ගිහිල්ලා හරි හෘද වස්තුවේ වේගය අඩු වැඩිවීම් වගේ දෙයක් වෙන්න පුළුවන්.” 

“ඒ වගේම කම්පන තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36