දරුවන් අතර පවත්නා රෝග තත්ත්වයක් ඉහළට..දෙමව්පියන්ට විශේෂ නිවේදනයක්

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් යම් යම් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉහළයෑමක් දක්නට ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් නිවෙස් තුළ දරුවන්ට සුදුසු පරිසරයක් ඇති කිරීමට දෙමව්පියන් වගබලා ගතයුතු බවය.

විවිධ මානසික තත්ත්වයන්ගෙන් දරුවන් මුදා ගැනීම සඳහා දරුවන්ව පාසල් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බවද වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“පසුගිය කාලයේ අපිට දරුවන් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා වුණා යම් යම් මානසික තත්ත්වයන්වලට ගොදුරු වෙලා. රෝහලට ආවා ප්‍රතිකාර ගන්න. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ පාසල් යන්නේ නැති නිසා ගෙවල්වලට සීමාවෙලා ඇති වෙච්ච තත්ත්වයන්. ගෙදර පරිසරය තුළ දරුවන් හිරවෙලා සිටීම. මේ දරුවන් දුරකථනවලට, අන්තර්ජාලවලට සහ වෙනත් ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා මේ දරුවන් මානසිකව දුර්වල වෙලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ එම දරුවන් නොයෙක් නොයෙන් අකටයුතුකම්වලට පෙළඹිලා. මානසික විකෘතිතාවය නිසා තමන්ගේ ජීවිතය හානිකර ගැනීමට පවා උත්සාහ කරපු අවස්ථා අපිට වාර්තා වුණා. මේ තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තියෙන්නේ දෙමව්පියන්ට. ගෙදර පරිසරය දරුවන්ට හිතකාමී ලෙස පවත්වාගෙන යන්න. දරුවන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරන්න.  ඒ වගේම දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පරිසරය ඇතිකිරීමේ වගකීම තියෙන්නෙත් දෙමව්පියන් අතේ. එසේ නොවුනහොත් දරුවාගේ මානසික මට්ටම තවදුරටත් පිරිහීම සිදුවේවි. ජනතාව කොවිඩ් පාලනය කරගත්තේ නැත්තම් දෙසැම්බර් මාසේ වෙනකොට තවදුරටත් පැතිරිලා නැවත රට වසා තැබීමේ තත්ත්වයක් ඇතිවෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20