දරුවන් අතර කොවිඩ් පොකුරක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය ගැනීමට පෙර වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු නොකළහොත් දැනට සමාජයේ ආසාදිතයන් ව්‍යාප්ත වී ඇති ආකාරයට දරුවන් අතරේ ද පොකුරු වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

මේ වන විට ලෝකයේ බෙහෝ රටවල් වයස අවරුදු 12ට වැඩි ළමුන් සඳහා එන්නත් ලබා දෙමින් සිටින බව උපුල් රෝහණ මහතා මෙහිදී සඳහන් කළේය. 

ඔහු ප්‍රකා‍ශ ක‍ළේ, එන්නත් ලබා දීම, එන්නත් බෙදාහැරීම සහ ප්‍රමුඛතාව හඳුනා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව බිම් මට්ටමේ සිටින මහජනතාව ප්‍රශ්න කරන බවය.

එමෙන් ම, පාසල් දරුවන්ට ප්‍රමුඛතාව ලබා නොදීම සහ 60ට වැඩි පිරිසට මුලින් ප්‍රමුඛතාව ලබා නොදීම පිළිබඳව මහජනතාව දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි කාරුණිකව ඉල්ලනවා. පාසල් ආරම්භ කරනවා නම් පාසල් ආරම්භ කරන්න කලින් අනිවාර්යයෙන් ම දරුවන්ට සුදුසු එන්නතක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21