දරුවන්ට කොවිඩ් වැළදී ඇතිදැයි දැනගන්නේ කෙසේද – මෙන්න මෙහෙමයි

දරුවෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතිදැයි හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැහැදිලි කිරීමක් කළේය.

ඔහු සඳහන් කළේ, නිතර දරුවා අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම මගින් කොවිඩ්-19 රෝග ලක්ෂණ හඳුනා ගත හැකි බවය. ඒ අනුව, දරුවා ඇවිදින විට වෙන දාට වඩා මහන්සි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ද? යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙයි.

ඉතා කෙටි දුරක් ඇවිද යාමේදී දරුවා නතර වනවා ද? වාඩි වනවා ද? හුස්ම ගැනීමේ වේගය අඩු වනවා ද යන්න පිළිබඳව ද ඒ අනුව නිරීක්ෂණය කළ යුතුය. එමෙන් ම, දරුවාගේ තොල් කළු පැහැ ගැන්වෙනවා ද? ඇස් අවපැහැ ගැන්වෙනවා ද? සම මළානික ස්වභාවයක් ගන්නේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේ ය.

විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, එවැනි ලක්ෂණ ඇතැම්විට දරුවාගේ ඔක්සිජන් මට්ටම අඩු බවට පෙන්නුම් කරනවා විය හැකි බවය. කෙසේ වෙතත් ඔහු, පෙන්වා දුන්නේ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන්ගේ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය කිරීම ඉතාමත් අපහසු බවය. 

මේ අතර, කොරෝනාවෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග සහ විටමින් C ආදිය අධික ලෙස ලබාදීමෙන් දරුවන්ගේ ඉන්ද්‍රියවලට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව කිසි ම අයුරකින් විටමින් වර්ග සහ ඖෂධ වර්ග දරුවන්ට ලබා නොදිය යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46