දරුවන්ට එන්නත් ලබාදීම ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස්  ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

“විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත්කරණය මේ වනවිට සිදුකෙරෙනවා. ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා ඒ එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කරනවා කියලා. ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා මේ සතියේ ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි, කෙසේද එම එන්නත්කරණය කරන්නේ කියලා. දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15වනදා වෙනකම් ජනතාවට ඒකරාශීවීමට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඔක්තෝබර් 15න් පස්සේ ඒ තත්ත්වය මගහැරීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා,” යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14