spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන්ගේ පාසල් ගාස්තුත් වියදම් කරගෙන දෝනිව බලන්න ආ තාත්තා (වීඩියෝ)

ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන අයි.පී.එල් තරගාවලිය ඉන්දියාව පුරා පුවත් මවන තරගාවලියක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

එවැනි පුවතක් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පසුගිය සඳුදා පැවති තරගයෙන් පසු වාර්තා වුණා.

ඒ, තම දරුවන්ගේ පාසල් ගාස්තු පවා නොගෙවා එම මුදල්වලින් සුපර් කිංග්ස් සහ කොල්කටා තරගයට නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලියෙක් සම්බන්ධවයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෙක් වන මොහු මහේන්ද්‍ර සිං දෝනිගේ දැඩි රසිකයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා චෙන්නායි සහ කොල්කටා තරගය නැරඹීමට සිය දියණියන් තිදෙනා සමඟ පැමිණ ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනිව එක් වරක් හෝ සජීවීව දැක බලාගැනීමේ අරමුණ ඇති ඇතිවයි.

“මට ප්‍රවේශපත්‍ර ලැබුණේ නැහැ, ඒ නිසා මම මේවා බ්ලැක් මාකට් එකෙන් ගත්තා. ඒකට රුපියල් 64,000ක් වියදම් කළා. මම තවම මගේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවා නැහැ. නමුත් අපට දෝනිව බලන්න ඕන වුණේ එක පාරක්. ඒ නිසා මගේ දුවලා තුන්දෙනායි මමයි චෙන්නායි තරගය නරඹන්න පැමිණියා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?