දරුවන්ගේ අක්මා බද්ධ හා කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

උතුරු කොළඹ මහ රෝහලේ සිදුකරනු ලබන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවල දී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දෙනවා.

ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදුකළ යුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනාගැනීම සිදු වුවද, එම දරුවන් සියළුදෙනාටම මෙම සැත්කම සිදුකරන්න නැහැ.

මෙවැනි දරුවෙකුගේ මොළය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර 02ක් ඇතුළත සිදුකළ යුතු බව වෛද්‍ය මතයයි.

මෙම සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ පනහක් හෝ ඊට වැඩි මුදලක් වැය වන බව ලැබෙන ඇස්තමේන්තු අනුව නිරීක්ෂණය වනවා.

දැනට මෙම සැත්කම සිදුකරන්නේ රජයේ රෝහල් කිහිපයක පමණක් වීම හේතුවෙන් රජයේ රෝහල්වල මේ සඳහා පොරොත්තු ලේඛනවල සිටීමට රෝගී දරුවන්ට සිදුව තිබෙනවා.

මෙම ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන අතර, මේ සඳහා යොදන උපකරණයේ (Implant) වටිනාකම රුපියල් මිලියන 3-4කට ආසන්නයි.

එම උපකරණය (Implant) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දුන්න ද සැත්කම සඳහාවන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රෝගීන් විසින් ගෙවිය යුතුයි.

එයට පිළියමක් වශයෙන් මෙම උපකරණ (Implant) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන සැත්කම සඳහා යන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරෙනවා.

ඒ, අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් සිදුකරන මෙම සැත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලබනවා.

තවද මෙවැනි දරුවන් හට මම සැත්කම සිදුනොකිරීම සමාජයට මෙන්ම සෞඛ්‍ය පද්ධතියට ද හානිකර ලෙස බලපානු ලබනවා.

කෙසේ වුව ද මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවුව ද කුඩා දරුවන් වෙත සිදුකරනු ලබන මෙවැනි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීම රටට වන අනාගත ආයෝජනයක්.

එබැවින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ හයක මුදල උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලෙන් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14