දරුණු වසංගතයක් පිළිබඳව බිල් ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ලොව ව්‍යාප්ත වී ඇති COVID-19 හා සැසදීමේදී වඩාත් දරුණු වසංගතයක් අනාගතයේදී ලොව ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් අනතුරු අගවා සිටියි.  ඒ අනුව ලොව පොහොසත් රටවල් දැන් සිටම එම වසංගතය සඳහා එන්නතක් නිපදවීම වෙනුවෙන් අරමුදලක් රැස්කර තැබීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දෙයි. 

එක්සත් ජනපදයේ Coalition for Epidemic Preparedness Innovations (CEP) නම් වසංගතයක් සදහා පෙර සූදානමක් සඳහා වන නවෝත්පාදන වෙනුවෙන් වූ සන්ධානය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ප්‍රදානයක් සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් බිල් ගේට්ස් මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බිල් ගේට්ස් COVID-19 වසංගතයේ Delta සහ Omicron යන ප්‍රභේද එතෙක් මෙතෙක් ලොව හඳුනාගත් වඩාත් වේගවත් සම්ප්‍රේෂණයක් සහිත වෛරස බව පවසා තිබේ. එසේම ඉදිරියේදී ලෝකයට මීට වඩා දරුණු වෛරසයක් ඇතුළු විය හැකි බවත්, ඒ හරහා මීට වඩා වැඩි පිරිසක් මරණයට පත්කළ හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ

ඒ අනුව අනාගත එන්නත් මාත්‍රා නිපදවීම සඳහා එන්නත් පිළිබද පර්යේෂණය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සදහා වන ආයෝජන සිදුකිරීම හරහා වඩාත් වේගයෙන් ලෝකය පුරා එම එන්නත් ලබාදීමේ හැකියාව පවතින බව බිල් ගේට්ස් අදහස වී තිබේ.

 ඒ අනුව මෙම අනාගත වසංගත ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ලොව රටවල් සූදානමින් සිටීම වැදගත්ය යන්න ඔහු වැඩිදුරටත් පවසයි.  “අපි කියන්නේ ට්‍රිලියන ගණනින් සිදුවන ආර්ථික හානි වගේම, බිලියන දස ගණනින් සිදුවන ජීවිත හානි වළක්වා ගන්න දැන් ඉඳන් බිලියන ගණනින් වියදම් කරන්න කියලයි. එය වඩාත් හොද රක්ෂණ සැලසුමක් වේවි.” ගේට්ස් සදහන් කර තිබේ.

මෙම Coalition for Epidemic Preparedness Innovations මගින් මූලික අදියර ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක අරමුදලක් රැස්කිරීම අදහස වී ඇත. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31