දරුණු රිය අනතුරකින් කථිකාචාර්යවරියගේ ස්වාමිපුරුෂයා මරුට – තිදෙනකු රෝහලට (වීඩියෝ)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ අද (26) අලුයම 4.40ට පමණ වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මහනුවර සිට යාපනය දක්වා ගමන් ගත් මෝටර් රථයක් හා යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.

අනතුරින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.

මෝටර් රථයේ ගමන් ගත් තුවාල ලැබූ තිදෙනා රෝහල්ගත කර ඇති අතර ඉන් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය සැක පළ කරනවා.

එකම පවුලේ පියා, මව හා දරු දෙදෙනෙකු මෝටර් රථයේ ගමන් කොට ඇති අතර, පියා අනතුරින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඇතුළු දෙදෙනෙකු තුවාලකරුවන් අතර සිටින බවයි වාර්තා වන්නේ.

මරණකරු 50 හැවිරිදි නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51