දරුකමට හදාගත් පිරිමි දරුවා ඝාතනය කළ අඹු – සැමි යුවළකට මරණ දණ්ඩනය නියම වෙයි

පිරිමි දරුවෙකු නොමැති නිසා දරුකමට හදාගැනීමට භාරගත් අවුරුදු 02ක දරුවෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාවකට, වරදකරුවන් වූ අඹු – සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මරණීය දණ්ඩනය නියම කළා.

දිගවත්ත ප්‍රදේශයේ මොහොමඩ් අලි මොහොමඩ් උෂ්මාන් සහ මොහොමඩ් පාතිමා සියානා නමැති අවුරුදු 35 සහ 40 වියේ පසුවන විත්තිකරුවන්ට එලෙස මරණ දඬුවම නියම කෙරුණා.

2018 වසරේ මැයි 01 වැනි දින මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව සම්බන්ධයෙන් දීර්ඝ විභාගයක් කර මෙම නියෝග නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ නීතිපතිවරයා ගොනුකර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

මියගිය දරුවාගේ ශරීරයේ තුවාල කැළැල් 90කට වඩා ඇති බවත් එම තුවාල කැළැල් හදිසි අනතුරකින් හා රෝගී තත්ත්වයක් නිසා ඇති වූ තුවාල කැළැල් බවට ඔප්පු කිරීමට විත්තිකරුවන් උත්සාහ දැරූ බවත් නමුත් ඒවා නිවස තුළ දී සිදු වූ පිළිසුම් තුවාල හා විවිධ වද බන්ධනයන්වලට ලක් වූ තුවාල කැළැල් බව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව අනුව පැහැදිලි වන බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

නිවසේ ඇති උණුවතුර කරාමය ඇරීම නිසා දරුවා පිලිස්සී ඇති බව පෙන්වාදෙමින් දරුවා පුද්ගලික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත්, සැබවින්ම සිදු වූයේ හදිසි අනතුරක් නම් නිවසට නුදුරින් ඇති ළමා රෝහලට ඇතුළත් නොක‍ර දුරින් පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත දරුවා රැගෙන යාමෙන් එම මරණීය තුවාල ඇති වූ බවත් එබැවින් මෙම මරණයේ චේතනාන්ත ම සිදුකළ එකක් බවට එය සාක්ෂියක් වන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළ බවයි අධිකරණය වාර්තාකරු පැවසුවේ.

2018.05.01 සිදු වූ මෙම දරුවාගේ දේහය මරණ පරික්ෂණයකින් තොරව භූමදාන කිරීමට සූදානම් වන අවස්ථාවේ දී ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම දරුවාගේ මරණය පිළිබඳව විමර්ශන කෙරුණු අතර දරුවාගේ මරණය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කළා.

දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කරන ආවස්ථාවේ දී ම මිය ගොස් සිටි බවට වාර්තාව දෙන ලෙස වෛද්‍යවරයාට තර්ජනය කළ බව ද පොලිස් විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබුණා.

විත්තිකාර අඹුසැමි යුවලට සිටින්නේ ගැහැනු දරුවන් දෙදෙනකු බැවින් නිවසේ සේවය කළ කාන්තාවගේ පිරිමි දරුවා හදා ගැනීමට ගත් බවත් ඉන්පසු සැබෑ මව විදේශගත ව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා නිතීපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වුණා.

තීන්දුව ලබාදීමට පෙර පැවසීම යමක් ඇත්දැයි කියා මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටියා.

එහිදී විත්තිකාරිය පැවසුවේ තමන් නිර්දෝෂී බවත් දරුවා ඝාතනය කිරීමට කිසිදු චේතනාවක් තොතිබු බවයි.

තමාට ගැහැනු දරුවන් දෙදෙනකු සිටින බැවින් එම පිරිමි දරුවා හදා ගැනීමට ගත්තේ සැබැවින්ම දරුවාට ආදරේ නිසා බව ද ඇය විත්තිකුඩුවේ දී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14