දයාසිරිට විරෝධය පළ කරමින් දුමින්දගෙන් ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයේ ගමන දුර්වල වන බවයි.

පළාත් පාලන මැතිවරණයකට සූදානම් වෙමින් සිටියදී පක්ෂ ලේකම්වරයාගේ අත්තනොමතික ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී සහ කැරලිකාර ස්වභාවයක් ගනු ලැබූ බව ද ඔහු එමගින් පෙන්වා දී තිබෙනවා.

1 3 scaled
2 3 scaled
3 3 scaled
4 3 scaled
5 2 scaled
6 1 scaled
7 1 scaled
8 1 scaled