spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරිට ගැටළුවක් වූ ඇමති සුරේෂ් රාඝවන්ගේ ‘බෝ එක’

ඇඳුමට ‘බෝ එකක්’ දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

ඒ, උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් සභාව අමතන අතරතුර නැගී සිටිමින්.

ඊට හේතු වුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් අද දිනයේ කලිසම් කෝට් හැඳ ටයි පටිය වෙනුවට ‘බෝ එකක්’ පැළඳ පර්ලිමෙන්තුවට පැමිණ සිටීමත් සමඟයි.

“බෝ එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ, සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැඟී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෙසේ වෙතත් අමාත්‍ය සුරේන් රාඝවන් සිය කතාව අවසන් කළේ තමන්ගේ බෝ, ටයි ගැටළුව පසුව විසඳගමු යනුවෙන් ප්‍රකාශ කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?