දඹුල්ල නගරයේ, පොහොට්ටුවේ කොඩි ගලවන්න පොලිසියෙන් අණ (වීඩියෝ)

අද (15) දින දඹුල්ල නගරයේ පොදුජන එක්සත් පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය පළකිරීම වෙනුවෙන් ජන හමුවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී දඹුල්ල ඔරලෝසු කණුව වට රවුම හා නගරය ආසන්නයේ ඇති සැරසිලි සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැරසිලි ගලවා ඉවත් කිරීමට දඹුල්ල පොලිසිය පියවර ගෙන ඇති බව‍යි අප වාර්තාකරු සඳහන් කළේ.