දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය අවලංගු කිරීමට එරෙහිව පැමිණිල්ලක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරඟාවලියේ දී ‘දඹුල්ල තණ්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් සංශෝධනය කර යළි ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළා.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.