spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නිරීක්ෂණයට හරීන් යයි (ඡායාරූප)

ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ (05) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නිරීක්ෂණයට ලක් වුණා.

මෙහි භූමිය, තටාකය සහ නවීනතම ආලෝක පද්ධතියකින් ක්‍රීඩාංගණය නවීකරණය කර තිබෙනවා.

අලුතින් ඉදිකරන ලද හයිඩ්‍රේෂන් තටාකය සහ විවේක තටාකය ලබන මාසය වන විට විවෘත කිරීමට සූදානම් මට්ටමේ පවතිනවා.

මණ්ඩපය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි මට්ටමට නැවත පත්කළ හැකි බවයි අමාත්‍යවරයා විශ්වාස කරන්නේ.

WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 6
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 5
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 4
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 3
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 2
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 1
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM
WhatsApp Image 2024 01 05 at 10.23.41 PM 1
WhatsApp Image 2024 01 05 at 10.23.41 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?