දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුරප්පාඩුව පැවති දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants සමාගම විසින් ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව එම කණ්ඩායමේ නම ද ‘දඹුල්ල සික්සස්’ ලෙසින් වෙනස්කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ තමීම් රහ්මාන් විසින් මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවා ලෙස කටයුතු කරනු ලැබුවා.

තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමේ චෝදනාවක් මත තමීම් රහ්මාන් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් අතර, ඉන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ ඔහුගේ හිමිකාරිත්වය ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළේ.

තමීම් රහ්මාන්ගේ හිමිකාරිත්වය යටතේ මෙවර LPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කිරිමට නියමිතව තිබුණේ ‘දඹුල්ල තන්ඩර්ස්’ ලෙසයි.

5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01