බාප්පාගෙන් පහර කා අන්තිම ගමන ගිය 19 හැවිරිදි රශ්මිකා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

පසුගිය අප්‍රියෙල් 3 වෙනිදා ඉතා සාහසික ලෙස තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ තරුණියක් පිළිබදව දඹුල්ල ගලේවෙලින් අපට අසන්නට ලැබුණා. ඒ දහනව හැවිරිදි ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි රශ්මිකා දිල්මිණි තිලකරන්න නැමැති අවිවාහක තරුණියයි.

මේ පිළිබදව අප මව්රට පුවත්පත ගලේවෙල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සිරිවර්ධන මහතාගෙන් විමසිමක් කළා.

ඝාතනයට ලක්වු තරුණිය පට්ටිවෙල ප්‍රදේශයේ පොත් සාප්පුවක් පවත්වාගෙන ගිය බවත්, ඇය සේවය කරන අතරතුරදි මෙම ඝාතනයට මුහුණදී බවත්, එම ඝාතනයට හේතු වුයේ රශ්මිකාගේ ඥාතියෙකුගේ දියණියක් තම නිවසේ තනියට නැවැත්විමෙන් උද්ගත වු ප්‍රශ්නයක් මත බවත් පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වුණා.

රශ්මිකාගේ ඝාතනය සිදුකළ පුද්ගලයා ඥාතිකමින් බාප්පාය. ඔහුගේ වයස අවුරුදු 42ක් වෙයි. ඔහු රැකියාවක් වශයෙන් කළේ කුලී වැඩයි. මේ පුද්ගලයාට සිටින්නේද දියණියක්. ඇයට වයස අවුරුදු 17ක්.

මේ පුද්ගලයාගේ බිමත්කම නිසාම බිරිදද ඔහුව අතහැර ගොස් වෙනත් විවාහයක් කරගෙන තියෙනවා. මේ ඝාතනය සිදුකළ පුද්ගලයාගේ දැරියද කුඩා කාලයේ සිට හැදි වැඩෙන්නේ පරිවාස නිවාසයකයි.

මේ පුද්ගලයා තම දියණියව අවුරුදු නිවාඩු කාලයේ පරිවාසයෙන් මුදාගෙන තම ඥාති රශ්මිකාගේ ගෙදර නවත්වයි. ඒ ඔහුගේ ගෙදර ගැහැනු කවුරුවත් නොමැති නිසාවෙනි. රශ්මිකා යනු එකකුසේ නොඉපදුනත් ඇගේ අක්කායි.

තම දියණිය රශ්මිකාගේ ගෙදර නවතා සිටි කාලයේ අවුරුදු 34ක පුද්ගලයෙකුට යෝජනා කර ඇති බව මේ පුද්ගලයාට ආරංචි වෙලා තියෙනවා.

මේ ආරංචිය කන වැකුණු සැණින් තම දියණිය සොයා තුන් හතර වතාවක් මේ ඥාති පුද්ගලයා රශ්මිකාගේ නිවසට පැමිණියත්, ඇය “මං දන්නේ නැහැයි” කියා තියෙනවා. මොකද ඒ වන විටත් ඇය අවුරුදු 34ක පුද්ගලයා සමග හොර රහසේම පළාගොස් සිට ඇති නිසා.

නමුත් මේ පියා ඒ බව දැන ඉඳලත් නැහැ. මෙයින් උරණ වු මේ පුද්ගලයා පසුගිය අප්‍රියෙල් 3වෙනිදා සවස් යාමයේදි, පට්ටිවෙල රශ්මිකා පවත්වාගෙන යන පොත් සාප්පුවට ගොඩවැදුනේ දෙකෙන් එකක් විසඳගන්නටයි.

ඔහු ඒ පැමිණියේ බිමතින් උල් ආයුධයක්ද රැගෙනයි. “කියපන් මගේ දුව ඉන්න තැන නැත්නම් තෝව මම ඉවරයක් කරනවායැයි” මාරාවේශව සිටි පියා කියා සිටියේ එවැන්නක්.

ඒ අවස්ථාවේ පොත් සාප්පුවේ සිටියේ රශ්මිකා පමණක් බව පරික්ෂණවලින් හෙළිවුණා. ඇයට කරකියා ගන්නට දෙයක් නැති වෙන්නට ඇති. සිහිනෙකින්වත් ඇය නොසිතන්නට ඇති මේ ජිවිතයේ ගෙවන අවසාන තත්පර කිහිපය කියා. කවදාවත් තම ලේවලින් දුවන බාප්පා කෙනෙකු මෙවන් ඛේදනීය ඝාතනයක් සිදුකරන්නේ කොහොමද?

මේ පුද්ගලයා අතේ තිබුණු ආයුධයෙන් ඇගේ ශරිරයේ තැන් කිහිපයකට ඇන තුවාල කර තිබු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වුණා. ඇයව ගලේවෙල රෝහලට ඇතුළත් කළද අසාධ්‍ය තත්වය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබුණා නමුත් ඇය එම රෝහලේදී ජීවිතයෙන් සමුගත්තා.

මේ ඝාතනය සිදුකළ හතළිස් දෙහැවිරිදි පුද්ගලයාට වතාවක් දෙවතාවක් සිතන්නට තිබුණා ඔහුටත් සිටින්නේ මේ වගේම ගැහැණු දරුවෙක් කියලා. ඇයි මේ වගේ පිපීගෙන එන ජිවිතයකින් පළිගත්තේ?

ඇය ජීවිත කාලයෙන් ජීවත් වුයේ හරි අඩක් විතරයි. තව බොහෝ දුර යන්නට තිබුණා. ඒත් දැන් ඇගේ ජීවිතයේ සියල්ල සිදුවි වි අවසන්ය. රශ්මිකාට ජීවිතයේ බොහෝ ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙන්නට ඇති. විවාහ වෙන්න, දරුවන් හදන්න, සතුටෙන් ජිවත් වෙන්න. ඒ සියල්ල එක ක්ෂණයකින් අළු දූවිලි බවට පත්වී හමාරයි.

මේ රශ්මිකාගේ බාප්පා වැඩිහිටියෙක් වශයෙන් ඔහුගේ ජීවිතය දරුවන්ට ආදර්ශමත්ව ගතකළා නම් මෙවැනි අපරාධයක් අපිට කවදාවත් අසන්නට ලැබෙන්නේද නැහැ. මේ සියලු සිදුවිම්වලට හේතුව දෙමව්පියන් වගකිමෙන් ක්‍රියා නොකිරීම නොවේද?

ඇත්තෙන්ම මේ වගේ දරුණු මිනීමරුවන්ට රටේ නව නිති සැකසිය යුතුයි. කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කළ පළමු මරණය මෙය නොවේ. මේ මරණයත් දවසෙන් දෙකෙන් අමතක වන මරණයක් පමණක් වනවා නොඅනුමානයි. අවසානයේ දුක, ඇගේ අඩුව දැන්නෙන්නේ තම පවුලේ සමාජිකයින්ට පමණයි.

කිසියම් සිදුවිමක් වුණාම ඒකට ප්‍රතික්‍රියා දක්වා කලබල වෙන්න හොඳ නැහැ. අපි කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ මිනිස්සු නෙවෙයි. අපිට මිනිස්සුන්ගේ හොද නරක දෙකම භාරගන්න වෙනවා ජීවිත් වෙනකොට, නමුත් අපිට තිරණය කරන්න බැහැ කවුද හරි කවුද වැරදි කියලා හෙට දිනයේදි නීතිය සහ කාලය විසින් ඒක විසඳයි. අපි ජීවත් වෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ කාලයේ ජීවිත සිදුවිම් සමබරව දරාගන්න පුරුදු වෙන්න ඕනේ. මේ බාප්පාටද දහස් වතාවක් ආයුධයක් අතට ගන්නකොට සිතන්නට තිබුණා මේ තම සහෝදරයාගේ ලේවලින් හැදුණු දරුවෙක් නේද කියලා.

මෙවැනි ඝාතනය කිරිම් නිසා වරදකරුවන්ට දඬුවම් පමණුවනවා. චෝදනා කරනවා. නමුත් දැන් සියල්ල සිදුවී හමාරයි. මිනිස්සු තිරිසන් සතුන් වගේ හැසිරෙන්න හොඳ නැහැ. ප්‍රශ්නයක් ආවාම ඉවසන්න පුරුදු විය යුතුයි. නැවත මෙවැනි දෙයක් සිදුනොවන්නට අපි ජීවිතය ගැන, මිනිස්සු ගැන, හැඟීම් දැනිම් ගැන, වගකීමෙන් යුතුව තින්දු තීරණ ගන්න ඕනේ. මේක හොඳම පාඩමක් සමාජයට, රටට අවසානයේ ඇයට යළි උපදින මතු භවයකදී මෙවැනි අකල් මරණයකට මුහුණ දෙන්න නොලැබේවායි ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්රට” පුවත්පතේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48